(අංජුල මහික වීරරත්න)
දුෂ්කර පාසැල්වල සිසු දරුවන්ට දියර කිරි වීදුරුව බැගින් ලබා දිමේ අරමුණෙන් කුඩා පරිමාණයේ කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
යුරෝ මිලියන 13.9 ක ප්‍රංශ ආධාර යටතේ මෙම කිරි සැකසුම් මධ්‍යස්ථාන ඉදි කෙරේ.
එක් කිරි සැකසුම් මධ්‍යස්ථානයකින් දිනකට කිරි ලීටර් පන්දහසක් බැගින් මෙම මධ්‍යස්ථාන හය තුළ දිනකට කිරි ලීටර් 30,000ක් සකස් කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ළමයින්ට උදේ කන්න දෙන්නේ නැතිව කිරි දුන්නාම මොකද වෙන්නේ කියලා GMOA එකෙන් ඇහුවා නම් ඇමැතිට කණ පිරෙන්න අහගන්න පුළුවන් වෙයි. ණය වෙලා කිරි පොවනවා... පස්සේ කිරිපිටි වලට ඇබ්බැහි වෙනවා... ශරීර කූඩුවට කිසිම වාසියක් නැතිව බිලියන ගාණක කිරි ගෙන්වනවා...
ඊට කලින් ඉස්කෝලෙ අරින්න එපැයි...
වැඩේ හොඳ බව පෙනුණාට හොඳ නැහැ. අනික මේක අලුත් ව්‍යාපෘතියකුත් නෙමෙයි. දේශීය කිරි ගොවියාව ඉස්සරහට දැම්මට ඇත්ත වශයෙන්ම බහුජාතික සමාගමක අවශ්‍යතාවයක්... මේකට හොඳම විකල්පය පෝෂ්‍යදායක කැඳ වීදුරුවක්... අපි ඉස්කෝලේ යන කාලේ කොළකැඳ වීදුරුවක් දුන්නා කෙසේ හෝ ඒවා කඩාකප්පල් වුණා. මම දන්න විදියට මීට වසර දෙක, තුනකට කලිනුත් කොළඹ ප්‍රසිද්ධ පාසලක (මගේ දරුවන් ඉගෙනගන්නා) දේශීය සහල් වර්ග යොදාගෙන පෝෂ්‍යදායී කැඳ වීදුරුවක් දුන්නා. මමත් පානය කර ඇත. මෙය නැවතත් ආරම්භ කළ යුතුයි.
හොද තීරණයක්.උපරිමයෙන්ම සෞක්‍ය ආරක්ෂිතව කල යුතු දෙයක් ලෙස විය යුතුය.