
(යොහාන් භාසුර)
යුද හමුදාපතිවරයා ලෙස යුද ජයග්‍රහණය සඳහා ගන්නා ලද දුෂ්කර තීරණවලට අයිතිකාරයෝ නැති බවත් ඒවායේ වගකීම ගන්න දේශපාලඥායන් ඉදිරිපත් නොවූ බවත් හිටපු හමුදාපති මෙන්ම සමඟ ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආරක්‍ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“දුෂ්කර තීරණ සාමාන්‍ය නිලධාරීන් ගන්නේ නෑ. ඒ වගේ තීරණවලට අයිතිකාරයො නෑ. ඒවට අම්මලා නෑ. මොකද ඒවා ජනප්‍රිය නැති දුෂ්කර තීරණ”
“සමහර වෙලාවට දුෂ්කර තීරණ ගන්න වුණා. මම ඒ තීරණ ගන්න විට, ඒවගේ වගකීම ගන්න දේශපාලඥායො ආවේ නෑ. එවයේ ගෞරවය ඒගොල්ලො ඉල්ලුවෙ නෑ”
“එක අවස්ථාවකදී, තුවාල වෙලා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් ඉන්න සෙබළුන්, ඇස්දෙක පේනවා නම්, කන් දෙක ඇහෙනවා නම්, අත් දෙකෙන් තුවක්කුව ගන්න පුළුවන් නම්, කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් නම් මම ඒගොල්ලන්ව යුද පිටියට යැව්වා.... යුද පිටියට ඒ වගේ සෙබළු 10,000 ක් මම දාලා තිබුණා. වෛදවරුන් සහ වෛද්‍ය උපකරණත් එක්ක ඔවුන්ව යුද්දෙට යැව්වා”
“මම යුද හමුදාවේ 2000 ක් වැලිකඩට දැම්මා... ”
“අපි කිලිනොච්චියේ ඉතාම අමාරුවෙන් සටන් කරන වෙලාවේ.... සෙබළු ගෙදර ගියාම (ඔවුන් යුද්දයට බය නෑ) නමුත් බිරින්දෑවරු සහ අම්මාවරු ආපහු එන්න දෙන්නෙ නෑ. අපි කිලිනොච්චියේ පස්බැම්ම ළඟ මාස හතරක් සටන් කළා. තුවාලකරුවන් වැඩියි. එවිට සෙබළුන්ට එන්න දෙන්නෙ නෑ. මගේ බලසේනා පහළට වැටෙන්න පටන් ගත්තා”
“බඳවාගන්න ගාණට වඩා පැනලා යනවා... මට ඒක නවත්වන්න බැරි වුණා. මම සෙබළුන්ට ලියුම් ලිව්වා. පුද්ගලිකව කථා කළා. පවුල්වලට ලියුම් ලිව්වා. ඊට පසු මම බැරිම තැන ජාතික අභිමාන සිංදු සී.ඩී. ප්ලේයර් එක්ක යුද පිටියට යැව්වා. ඔක්කොම කියලත් අහන්නේ නැති වුණාම මම පොලිසියටත් මිල්ටරි පොලිසියටත් කියලා අල්ල අල්ල වැලිකඩට දැම්මා”
“මාසයකින් කරන යුද අධිකරණ මම දවස් දෙකෙන් ඉවර කළා. ඒ සෙබළුන්ගේ බිරින්දෑවරු, අම්මාවරු වෙනම සංගමයක් හදාගත්තා මට විරුද්ධව. උද්ඝෝෂණ කළා. නමුත් ඊට පසුව සෙබළු පැනලා යන එක නැතුණා”
“ඒ වගේම, කැළෑ ඇඳුම් දෙකක් ලැබුණු සෙබලට කැළෑ ඇඳුම් තුනක් දුන්නා. එක බූට් එක වෙනුවට බූට් දෙකක් දුන්නා. ඇපල් කෑල්ල කාපු සෙබලට ඇපල් ගෙඩියක් දුන්නා” යැයි ෆොන්සේකා මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නොසිටියා නම් මේ යුද්ධය නතර නොවනු ඇත. එය තමයි තිත්ත ඇත්ත....
ඔබතුමා ජීවිතය කැපකරලා අපිට නිදහස දුන්නා. ඒකෙ ලකුණු වෙන අය දාගෙන ඔබතුමාව හිරේට දැම්මා...
මෙයාට හිතරිදිලා වගේ... සරත් වීරසේකරට ආරක්ෂක ලේකම්කම ලැබුණු නිසා...
ඔබතුමන් ගැන අපේ හිතේ ඇති අපමණ පැහැදීම නැතිවෙන්නේ නැහැ. ඔබ වැනි නිර්භීත කෙළින් වැඩකරන නායකයෙක් ලබන්න අපේ රටේ බහුතරය පින් කරලා නැහැ. සුදු කොඩි, සුදු කොඩි කියනවා... නමුත් ඇහුවොත් ඉංග්‍රීසියෙන් මොකක්ද ඒ කළ සාකච්ඡාව කියලා කෙනෙක්ට කට උත්තර නැහැ.
ඒක ඇත්ත. යුද ජයග්‍රහණයට පියවරු ගොඩයි. ඒත් යුද්ධය පරාජය වුණා නම් වගකිව යුත්තා ඔබ විතරක් වෙන්න තිබ්බා. යුද්ධය කාලේ හමුදාවෙන් අස්වෙලා රටත් දාලා ගිය මිනිස්සු යුද ජයග්‍රහණයේ වීරයෝ, අයිතිකාරයෝ වෙලා.
ඇත්තටම ඔබතුමා එඩිතර, රට බේරගත්ත වීරයෙක්. ඒත්, ඔබතුමාව මංගල සමරවීර හා තවත් අය කේලාම් කියා පැවති රජය සමග කෙටෙව්වා. ඒ නිසා බොහෝ දෙනා ඔබතුමා සමග අමනාප වුණා. එය සමහරුන් වාසියට ගත්තා. ඔබතුමාගේ මිතුරන් හතුරන් වුණා. මේ පිළිකුල් දේශපාලනයට නොඑන්න ඔබතුමාගේ ගෞරවය බොහෝ ඉහළින් තවමත් තියෙනවා. දේශපාලනයට, රජකමට වඩා වීරයෙකුට තනිව ලෝකෙට සේවයක් කළ හැකි බව අපේ සිදුහත් කුමාරයා ලෝකෙට ඔප්පුකර පෙන්නුවා. දැන් මෙතන ඉන්න කට්ටිය මට බනින්න ගනීවි රජයේ ගැත්තෙක් කියා. අපේ මිනිසුන්ගේ බුද්ධිමත්කම එහෙම තමයි. මං කාටවත් කඩේ යන කෙනෙකු නෙමෙයි. මං කීවේ මෙතුමාට සිදුවූ සත්‍ය දේ.
යුද්ධය දින්න වෙලාවේ අපි ඒක හොඳට දැක්කා.
යුද නිලධාරියෙක් හැටියට ඔබ රට වෙනුවෙන් කළ මහඟු සේවය වෙනුවෙන් අප සැමදා ඉන්නවා. ඔබ දේශපානයට නොඑන්න අදත් එදා වගේම සියළු දෙනාගේ ගෞරවයට පාත්‍රවන අයෙක්. අද යමෙක් ඔබට දොස් කියනවා නම් ඒ දේශපාලනමය වශයෙන් මිස යුද නිලධාරියකු ලෙස නොවන බවත් අවධාරණය කරගන්න...
යුද හමුදාවේ වැරදි කරන සෙබළුන් නිලධාරීන් යොමුකරන්න වෙනමම හමුදා බන්ධනාගාරයක් තිබිය යුතුයි. එයට හේතුව සාමාන්‍ය බන්ධනාගාරවල ඇති කුඩුකාරයින්, කුඩුජාවාරම් කාරයින්, සංවිධානාත්මක අපරාධ කාරයින්, සංවිධානාත්මක මිනීමරුවන්, කොල්ලකරුවන් සමග දීර්ඝකාලයක් ගැවසීමේදී හමුදා පුහුණුව ලැබූ සෙබළුන්ව ඔවුන්ට නතුකර ගැනීමට ඇති හැකියාව, ඔවුන්ගේ brainwash කිරීමේ හැකියාවක් ඇත. මේ සෙබළුන් අතරින් සියලුදෙනාම නොවුනත් යම් සංඛාවක් මෙම අපරාධ කල්ලි සමග සම්බන්ධ වීමට ඇති ඉඩකඩ නැතුවාම නොවේ. පිටරටවල මෙම හමුදා බන්ධනාගාර, හමුදා අධිකරණ දක්නට ඇත..
යුද්ධය දිනුවේ ඔබ ඇතුළු රණවිරුවන්ගේ කැපවීම නිසා බව දන්නේ නැති කෙනෙක් නැහැ. මොකද ඒක තමයි ඇත්ත. ඒත් නන්දසේන මැදට පැනලා ඒ ජයග්‍රහණයේ අයිතිය ගන්න දඟලන්න හරිම හිරිකිතයි. කිසිම වැඩක් හරියටම කරන්න බැහැ.
හලෝ මෝඩ කතා කියන්න එපා. රටේ නායකයින් යුද්ධයේදී ගන්න දුෂ්කර හෝ සුමට තීරණ ගැනීමටයි ඔබව පත් කළේ. ඒ සඳහා අවශ්‍ය මුදල්, ආයුධ, දේශපාලන වාතාවරණය සැකසීම රටෙ නායකයන් කරනවා. මල්ටි බැරල් අරන් දුන්නේ රජය... කලින් තිබුණු රජයන් ඒ වගකීම හරියට ඉෂ්ට නොකළ නිසයි යුද්ධය දිනා ගන්න බැරිවුනේ කියලා අපිට හිතෙනවා. එක වතාවක් කොටි සැරිසරන බවක් පෙන්වා හමුදාව එතැනට ගෙන්වාගෙන සමූල ඝාතනයක් කළ බව අපි අසා තිබෙනවා. අලිමංකඩදී මුලුහමුදාවම කොටි විසින් කොනකට ගෙන මරා දමන තත්වයකට පත් වුණු බව ප්‍රසිද්ධ කතාවක්... එහෙම වුනේ ඔබලාගේ දුෂ්කර තීන්දු නිසා මිසක් රටේ නායකයින්ගේ තීරණ නිසා නොවෙයි. එමනිසා දුෂ්කර තීන්දු ගැනීමේ වගකීම ඔබලා සතුයි. හරිගියාම මගේ තීරණ වැරදුණාම අරයගේ තීරණ... එ්කයි ඔබේ ප්‍රතිපත්තිය කියා අපට හිතෙනවා.
හමුදාව ගන්න දුෂ්කර හා සුමට තීරණවල අයිතිකාරයින් හමුදාවේ ලොක්කන් මිස දේශපාලඥයින් නොවෙයි. දේශපාලඥයෝ කරන්නේ ඒ දුෂ්කර හා සුමට තීරණ ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන සැලසීමයි. මල්ටි බැරල් ලැබුණේ එවැනි ප්‍රතිඵලයකි. අලිමංකඩදී හමුදාව කොටුවීමේ වගකීම හමුදාවේ ලොක්කන්ගේ වගකීමයි. හරිගියාම මේ තීරණ වැරදුණාම අයිතිකාරයෙක් නැහැ හෝ දේශපාලකයෙක් පිට පැටවීම ඔබේ ප්‍රතිපත්තිය බව අපි දැකලා තිබෙනවා.
යුද්දෙ කාලෙ ජනතාව නොකා නොබී බදු ගෙවලා යුද්ධයේදී සහාය නොදුන්නා නම් ඔය කවුරුවත් නැහැ. අනික ඔය හැමෝම පඩිඅරන් උදේට ගියේ කවුරුවත් එක මාසයක පඩිය නොගෙන හිටියේ නැහැ. දේශපාලනඥයන්ද ඇතුළුව ජනතාවගේ සල්ලිවලින් ඔනෙම නිලධාරියෙකුට හොද කරන්නත්, නරක කරන්නත් පුළුවන්.. ඒ නිසා නීතිය ගැන කවුරුවත් වදවෙන්න ඔනෑ නැහැ'