
(යොහාන් භාසුර)
දේශීයව නිෂ්පාදනය කරන මත්පැන්වලට ලබන ජනවාරි මස 3 වැනිදා සිට නව ආරක්‍ෂිත ලේබලයක් හඳුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.
ඒ අනුව මත්පැන් බෝතල් සහ කෑන් මත ස්ටිකරය අලවන බව කී සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා රාජ්‍ය භාණ්ඩාගාරයට අයවිය යුතු බදු මුදල් වැඩි කර ගැනීම මෙහි අරමුණ බව ද සඳහන් කළේය.
නව ස්ටිකර් සහිත මත්පැන් වෙළෙඳපොලට සැපයීමට පෙර වෙළඳපලේ ඇති ස්ටිකරය රහිත මත්පැන් තොග අවසන් කිරීමට ලබන අප්‍රේල් 1 වැනිදා දක්වා මාස තුනක කාලය ලබාදෙන බවත් ඉන් පසුව සමස්ත වෙළඳපොලේ අළෙවි වන සියලුම මත්පැන් බෝතල් සහ කෑන්වල ආරක්ෂිත ස්ටිකරය තිබීම අනිවාර්ය බවත් කුමාරසිංහ මහතා කීය.
නීති විරෝධී මත්පැන් වර්ග දේශීය මත්පැන් වෙළඳපලට ඇතුළත් වීම වැළැක්වීම සහ නීති විරෝධී ලෙස ආනයනය කරනු ලබන මත්පැන් වර්ග දේශීය වෙළඳපොළට ඇතුළත් වීම වැළැක්වීම සඳහා මෙම ආරක්ෂිත ස්ටිකරය ක්‍රමය හඳුන්වා දුන් බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ස්ටිකර් එකකින් රුපියල් 1.50ක් මැදමුලන රාජ සභාවට... අනේ පව්, මේ රටේ ඉන්න බේබද්දෝ...!
කාගෙද ස්ටිකර් ටෙන්ඩරේ...? ලංකාවේ කම්පැණියක් නැද්ද ඕක හදන්න.
කාගේ කල්ලද මරේ?
බෝතල්වල ලේබලේ නම් දැකලා තියෙනවා.. හැබැයි කෑන්වල ලේබල් නම් යුරෝපයේවත් නෑ...
නරකද ඔය ලේබලේටම/ ස්ටිකරයටම අඩංගු කෘතිම එතනෝල් ප්‍රමාණයත් ඇතුළත් කළොත්...? හොයාගන්න පුළුවන් වේවි... කට්ටියගේ කෙරුවාව..
මෙන්න තවත් විද්වත් වැඩක්. ස්ටිකර් තියෙන ඒවා ගැහුවාම සිරෝසිස් හැදෙන්නේ නැහැලුද?
දැන් මේ ස්ටිකරය ගහන්නේ කව්ද? ඒ ගහන එකා නීති විරෝධී මත්පැන් වර්ග, දේශීය මත්පැන් වෙළඳපලට දමන එකාට ස්ටිකරය නොදී ඉඳීද? දැනටමත් තොග ගණනින් ගිහිල්ලා ඇති. මත්පැන් බෝතල් කරන කොටම ස්ටිකර් එක මැෂිමෙන් වදිනවා නම් එ්ත් ස්ටිකර් රෝලක් හොර අරක්කු කාරයාට ගිහිල්ලා ඇති...