
(රංජන් කස්තුරි)
විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලන කිරීමේ කාර්යය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමර්ග ගන්නා බව දේශීය ආදායම් සේවා සංගමය සඳහන් කරයි.
විශේෂ භාණ්ඩ හා සේවා බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමෙන් ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රැකියා අවධානමකට ලක්වන බව ද එම සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා සඳහන් කරයි.
බදු පරිපාලනය සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී ඒ සඳහා අදහස් ඉදිරිපත් කිරීමට හා සකච්ඡා කිරීමට වෘත්තීය සමිතිවලට අවසථාවක් ලබා නොදී කර්මික සාමයට බාධාවක් බව ද උදයසිරි මහතා කියයි.
ආණ්ඩුවේ 2020 වසරේ සිට ක්‍රියාත්මක කළ බදු යෝජනා හේතුවෙන් රාජ්‍ය බදු ආදායම බරපතල ලෙස කඩා වැටුණු අතර 2019 වසරට සාපෙක්ෂව 2020 වසරේදී රුපියල් කෝටි 60000ක පමණ බදු ආදායමක් රටට අහිමි වී ඇතැයි ද උදයසිරි මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd