
(අංජුල මහික වීරරත්න)
ජනතාවට නිසි පරිදි සේවය සපයන ස්වාධීන හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
ජනතාව වෙනුවෙන් කැපවූ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුලින් රට සංවර්ධනය කිරීමේ කාර්යභාරයට එකතුවන ලෙසද අග්‍රාමාත්‍යවරිය ඉල්ලා සිටියාය.
කළමනාකරණ සේවයේ III වන ශේණියට බඳවා ගැනීම සඳහා පැවති විවෘත තරඟ විභාගයෙන් සමත්ව සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගත් නිලධාරීන් 1890 දෙනකුට පත්වීම් ලබා දීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (29) පැවති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙසේද කීවාය.
"ඔබ ඇතුලත් වෙන්නේ සාම්ප්‍රදායික රාජ්‍ය සේවයක් වෙනුවෙන් නොවන බව මතක් කරන්න කැමතියි. මෙතෙක් කලක් පැවති අකාර්යක්ෂම හා දේශපාලන ගැති රාජ්‍ය සේවයකට නෙමෙයි ඔබ ඇතුලත් වෙන්නේ.
ජනතාව වෙනුවෙන් පෙනී සිටින, ස්වාධීන රාජ්‍ය සේවයකටයි යනුවෙන් ද අමාත්‍යවරිය කීවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්මේ ඉතින්... මෙව්වා තමයි කටවල්..
දේශපාලන ගැති කියන්නේ ඕවාට තමයි... නැත්නම් දරුවෝ තමන්ගේ දක්ෂතා මත විභාග සමත්වුණාම පත්වීම් ලිපිය කොළඹට කැදවා දෙන්නේ මොකටද? මීයක් කඩන්නේ අත ලෙවකන්න වත් හිතාගෙනනේ... ඒකට කමක් නැහැ.. කියමුකෝ මෙතෙක් රාජ්‍ය සේවයේ බොහෝමයක් දෙනා කිසිම පුහුණවක් ලබා නැහැ.. සේවයට ආපු කෙනා පූර්වගාමියා කියපු හැටියට වැඩකළා මිස පත්වීම් ලිපියේ තියෙන ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි චක්‍රලේඛක කිසිවක්ම දන්නේ නැහැ.. කියවන්නේ නැහැ. ඒවා ගැන අවබෝධයක් නැහැ.. ඒ නිසා වරින්වර විධිමත් පුහුණුවක් දීමට කටයුතු කරන්න ඕනෑ.
දේශපාලන ගැති කියන්නේ ඕවාට තමයි නැත්නම් දරුවෝ තමන්ගේ දක්ෂතා මත විභාග සමත්වුනාම පත්වීම් ලිපිය කොළඹට කැදවා දෙන්නේ මොකටද මීයක් කඩන්නේ අත ලෙවකන්න වත් හිතාගෙනනේ... ඒකට කමක් නැහැ... කියමුකෝ. මෙතෙක් රාජ්‍ය සේවයේ බොහෝමයක් දෙනා කිසිම පුහුණවක් ලබා නැහැ. සේවයට ආපු කෙනා පූර්වගාමියා කියපු හැටියට වැඩකළා මිස පත්වීම් ලිපියේ තියෙන ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි චක්‍රලේඛක කිසිවක්ම දන්නේ නැහැ. කියවන්නේ නැහැ. ඒවා ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා වරින්වර විධිමත් පුහුණුවක් දීමට කටයුතු කරන්න ඕනෑ..
අද මොකෝ ඔසරියකින් ? උඩරට මැණිකේ කෙනෙක්වත් දැලේ දාගන්න හිතුවාද? හොඳා හොඳා, කාටහරි හරි යනවා නම්...! අන්න මැල්කම්ට අසුහාරදාට කේන්ති ගිහින්...! ඔයා අරවා මේවා ප්‍රමෝට් කරනවා කියලා...!
කාර්යාලයේ පළමු දිනයේම සිදුවන පළමු දෙය නම් JVP, UNP, පොදුජන, සමස්ථ සංගමය, ලිපිකරු සංගමය සඳහා සාමාජික අයදුම්පත පිරවීමයි. අවම වශයෙන් සාමාජිකත්ව 7 ක් සහ එක් එක් සඳහා මහා සභා රැස්වීම සඳහා නොමිලේ දිනයක්. දින 45 දින 7, පෝය දින, සති අන්තය, පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා ( 3.45 PM). මෙය අපගේ රජයේ සේවාවයි. අපි නොදන්න රජයේ සේවය.
ඔය කියන දේවල් වලට ආයෙත් ජනතාව මුලා වෙන්නෙ නැත