IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දේශපාලන ගැති රාජ්‍ය සේවය අවසන්

(අංජුල මහික වීරරත්න)

ජනතාවට නිසි පරිදි සේවය සපයන ස්වාධීන හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.

ජනතාව වෙනුවෙන් කැපවූ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුලින් රට සංවර්ධනය කිරීමේ කාර්යභාරයට එකතු⁣වන ලෙසද අග්‍රාමාත්‍යවරිය ඉල්ලා සිටියාය. 

කළමනාකරණ සේවයේ III වන ශේණියට බඳවා ගැනීම සඳහා පැවති විවෘත තරඟ විභාගයෙන් සමත්ව සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගත් නිලධාරීන් 1890 දෙනකුට පත්වීම් ලබා දීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (29)  පැවති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව  සඳහන් කළාය. 

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙසේද කීවාය.

"ඔබ ඇතුලත් වෙන්නේ සාම්ප්‍රදායික රාජ්‍ය සේවයක් වෙනුවෙන් නොවන බව මතක් කරන්න කැමතියි.  මෙතෙක් කලක් පැවති අකාර්යක්ෂම හා දේශපාලන ගැති රාජ්‍ය සේවයකට නෙමෙයි ඔබ ඇතුලත් වෙන්නේ. 

ජනතාව වෙනුවෙන් පෙනී සිටින, ස්වාධීන රාජ්‍ය සේවයකටයි යනුවෙන් ද අමාත්‍යවරිය කීවාය.



අදහස් (6)

දේශපාලන ගැති රාජ්‍ය සේවය අවසන්

Gavin Monday, 29 September 2025 03:43 PM

හම්මේ ඉතින්... මෙව්වා තමයි කටවල්..

:       0       9

Lankapura Monday, 29 September 2025 06:17 PM

දේශපාලන ගැති කියන්නේ ඕවාට තමයි... නැත්නම් දරුවෝ තමන්ගේ දක්ෂතා මත විභාග සමත්වුණාම පත්වීම් ලිපිය කොළඹට කැදවා දෙන්නේ මොකටද? මීයක් කඩන්නේ අත ලෙවකන්න වත් හිතාගෙනනේ... ඒකට කමක් නැහැ.. කියමුකෝ මෙතෙක් රාජ්‍ය සේවයේ බොහෝමයක් දෙනා කිසිම පුහුණවක් ලබා නැහැ.. සේවයට ආපු කෙනා පූර්වගාමියා කියපු හැටියට වැඩකළා මිස පත්වීම් ලිපියේ තියෙන ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි චක්‍රලේඛක කිසිවක්ම දන්නේ නැහැ.. කියවන්නේ නැහැ. ඒවා ගැන අවබෝධයක් නැහැ.. ඒ නිසා වරින්වර විධිමත් පුහුණුවක් දීමට කටයුතු කරන්න ඕනෑ.

:       1       8

Lankapura Monday, 29 September 2025 06:17 PM

දේශපාලන ගැති කියන්නේ ඕවාට තමයි නැත්නම් දරුවෝ තමන්ගේ දක්ෂතා මත විභාග සමත්වුනාම පත්වීම් ලිපිය කොළඹට කැදවා දෙන්නේ මොකටද මීයක් කඩන්නේ අත ලෙවකන්න වත් හිතාගෙනනේ... ඒකට කමක් නැහැ... කියමුකෝ. මෙතෙක් රාජ්‍ය සේවයේ බොහෝමයක් දෙනා කිසිම පුහුණවක් ලබා නැහැ. සේවයට ආපු කෙනා පූර්වගාමියා කියපු හැටියට වැඩකළා මිස පත්වීම් ලිපියේ තියෙන ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි චක්‍රලේඛක කිසිවක්ම දන්නේ නැහැ. කියවන්නේ නැහැ. ඒවා ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා වරින්වර විධිමත් පුහුණුවක් දීමට කටයුතු කරන්න ඕනෑ..

:       0       7

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Monday, 29 September 2025 07:39 PM

අද මොකෝ ඔසරියකින් ? උඩරට මැණිකේ කෙනෙක්වත් දැලේ දාගන්න හිතුවාද? හොඳා හොඳා, කාටහරි හරි යනවා නම්...! අන්න මැල්කම්ට අසුහාරදාට කේන්ති ගිහින්...! ඔයා අරවා මේවා ප්‍රමෝට් කරනවා කියලා...!

:       0       1

Asela Monday, 29 September 2025 09:00 PM

කාර්යාලයේ පළමු දිනයේම සිදුවන පළමු දෙය නම් JVP, UNP, පොදුජන, සමස්ථ සංගමය, ලිපිකරු සංගමය සඳහා සාමාජික අයදුම්පත පිරවීමයි. අවම වශයෙන් සාමාජිකත්ව 7 ක් සහ එක් එක් සඳහා මහා සභා රැස්වීම සඳහා නොමිලේ දිනයක්. දින 45 දින 7, පෝය දින, සති අන්තය, පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා ( 3.45 PM). මෙය අපගේ රජයේ සේවාවයි. අපි නොදන්න රජයේ සේවය.

:       0       2

Asanga Tuesday, 30 September 2025 10:44 AM

ඔය කියන දේවල් වලට ආයෙත් ජනතාව මුලා වෙන්නෙ නැත

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 786 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site