IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


දේශපාලකයෝ හතළිහක් ජලයට පොලු තියලා

(සුජිත් හේවාජුලිගේ )

මැති ඇමැතිවරුන් ඇතුළු  විවිධ තරාතිරම්වල දේශපාලඥයන්  හතළිස් දෙනකු පමණ ජලය ලබා ගැනීම වෙනුවෙන්    ජාතික ජලසම්පත් හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටියකට ආසන්න මුදලක්  ගෙවීම පැහැර හැර ඇතැයි  වාර්තා වේ.

ජල සම්පත් මණ්ඩලයට වසර ගණනාවක් තිස්සේ  රුපියල් ලක්ෂ විස්ස තිහ යනාදී  වශයෙන් හිඟ බිල්පත් නොගෙවූ දේශපාලඥයන් කිහිප දෙනකුද මේ අතර සිටින බව  එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම හිඟ මුදල් ඉදිරි සති කිහිපයේදී
අයකර ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇතැයි  සඳහන් කරන එම නිලධාරියා ජල සම්පාදන අමාත්‍යවරයාද ඒ සඳහා සෘජුවම  මැදිහත්වී සිටින බව   ප්‍රකාශ කළේය.

මණ්ඩලය එම දේශපාලනඥයන්ට සිහිකැඳවීම් ගණනාවක්ම කර ඇතත් හිඟ බිල්පත් ගෙවීම දිගින් දිගටම පැහැර හරිමින් සිටින බවද  දැනගන්නට  ඇත.

මේ අතර මේ රටේ   ජල පාරිභෝගිකයන් ලක්ෂ හයක් පමණ ජලය ලබා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු  රුපියල් කෝටි 700කට වැඩි  මුදලක් පසුගිය වසර කිහිපයේදී  ගෙවීම පැහැර හැර ඇතැයි  ජල සම්පත් මණ්ඩලය පවසයි.

ගෙවීම් පැහැර හැර ඇති ජල පාරිභෝගිකයන්ගෙන්  එම හිඟ මුදල් අය කර ගැනීමටද  විශේෂ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි පවසන  මණ්ඩලය  දිගින් දිගටම හිඟ බිල්පත් නොගෙවු ජල පාරිභෝගිකයන් 700 දෙනකු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාල විස්තර වාර්තා නීතිපතිවරයාට යොමු කර ඇතැයිද සඳහන් කළේය.

හිඟ  බිල්පත්  නොගෙවූ ජල පාරිභෝගිකයන් 60කට පමණ නඩු පවරා ඇතැයිද  වාර්තා වේ.

ජල සම්පත් මණ්ඩලයේ සේවා ලබන  රටේ  සමස්ත ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව විසි හත් දහස්  පන් සියයක් පමණය.



අදහස් (1)

දේශපාලකයෝ හතළිහක් ජලයට පොලු තියලා

uk ran Tuesday, 01 February 2022 08:08 PM

ඔය සෙට්එකේ නම්ටික පුළුවන් නම් දාන්න. අන්න ලංකාවේ නිවැරැදි මාධ්‍ය ආවරණයක් වෙනවා කියලා කියන්න පුළුවන්... දුප්පත් මිනිහෙක් කළොත් නම, වයස ඔක්කොම දානවා. දේශපාලකයෝ කළාම හංගනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site