(රන්ජන් කස්තුරි)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කටඋත්තරයක් දෙන්නැයි දැනුම් දීමත් සමග හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පෞද්ගලික රෝහලක සැඟව සිටින බවට චෝදනා කරමින් දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට පෙරදින පර්ලිමේන්තුවේ ජවසම්පන්න නිරෝගී පුද්ගලයකු ලෙස හැසිරුණු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සැනෙකින් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළුවුයේ කෙසේදැයි රටට ප්‍රශ්නයක් යැයි ද දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොහෙන් පාත් වූ කෙනෙක්ද? අනේ යන්න. ඔය කියන කතා අපට වැදගත් නැහැ. හරින් ප්‍රනාන්දු හෙළිදරව් කළේ කොමිසමේ එළියට නොදාපු හංගලා තිබුණු පිටපතක්. කාදිනල් තුමාත් ඔය ගැන යම්කිසි දැනුවත් වීමක් තියන නිසා තමයි ඒ වාර්තාව පිළිගන්න බැහැ කිව්වේ... මට පේන හැටියට නම් මේ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ මෛත්‍රිපාල සිරිසේනව, මහා මොළකරුවන් ආරක්ෂා කරනවා වගෙයි?
මේ කවුද? අදමයි දැක්කේ....
මහින්දගේ පිල්ලියක්... ලැජ්ජා නැතිද අනුන්ගේ ඉඳුල් කන්න...
ඒක නම් හොඳ වැඩක්... ඒත් සිංගප්පූරු පැන පැන ඉන්නකොට මේ කබ්බෝ කොහේද දන්නේ නැහැ හිටියේ...?
එක්සත් ජාතික පක්ෂය දේශප්‍රේමී වෙන්න බෑ...
මේ කවුද?
ඒ කියන්නේ ඔබලා මුස්ලිම් පක්ෂ එකතු කර ගන්නේ නැද්ද.
හරිම සුන්දරයි අර සිදු කතාව වගේ එක එක නළුවෝ එක එක වෙලාවට පාත් වෙනවා අන්තිමේ හරින් තමයි සහරාන්ව එව්වේ කිව්වේ නැති වුණොත් ඇති. කවදා මේ ආරක්ෂා කරන්නද හදන්නේ මහ මොළකරුද? මෙයාට කිය කිය ඩිල් එකක්ද දන්නේ නැ දැම්මේ මැදමුලන අයට නම් ලැජ්ජාවක් කියලා දෙයක් නැහැ කියමුකෝ උන්ට ඡන්ද දුන්න අයට කොහෙත්ම ආත්මයක් නැ..