(අංජුල මහික වීරරත්න)

ආර්ථිකය සහ පරිසරය නිරන්තරයෙන් බැඳී පවතින බැවින්  වැඩි වෙමින් පවත්නා කාලගුණික සහ දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා  පැවසීය. 

රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ ප තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති “දේශගුණික මූල්‍යකරණය” (Climate Finance) පිළිබඳ සංවාදයේ සමාරම්භක සැසිය අමතමිනි. 

දේශගුණික විපර්යාසයන් හා ආර්ථිකයට අදාළ ජාත්‍යන්තර රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම සංවාදය පැවැත්විණි. 

කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් ජය ගැනීමේ ක්‍රියාවලියේදී සියලුදෙනා සාමූහිකව එක් විය යුතු බව පැවසූ විජයවර්ධන මහතා ශ්‍රී ලංකාව දැනටමත් පරිසර සහ වායු දූෂණය අවම කර ගැනීමට වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර ඇතැයි ද පැවසිය.