IMG-LOGO

දේවස්ථාන බෝම්බ සිද්ධියේ සැකකාර වෛද්‍යවරයාගේ නිවසේ ගිනි අවි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළියන්දල විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාගේ සුවිසල් නිවස තුළ තිබී ගිනි අවි ඇතුළු ආයුධ රැසක් සොයා ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි

සොයාගත්  ගිනි අවි අතර පිස්තෝල හතරක් රිවෝල්වරයක්, කඩු දෙකක්, රම්බෝ පිහියක් සහ හඳුණා ගත නොහැකි ගිනි අවියක් තිබෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇබිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී  වෛද්‍යවරයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (21)

දේවස්ථාන බෝම්බ සිද්ධියේ සැකකාර වෛද්‍යවරයාගේ නිවසේ ගිනි අවි

Nihal Wednesday, 19 January 2022 11:26 AM

මට නම් දැනගැනීමේ අයිතියක් තියෙනවා... නම කිවයුතුයි.

:       2       40

MISHAL-MATARAWednesday, 19 January 2022 12:26 PM

ෆොටෝ එකට අනුවනම් . වෛද්‍ය මද්‍යස්ථානයේ නම නම් තියෙන්නේ වෛද්‍ය ශේර්ලි හේරත් කියලා

:       0       16

Kule Wednesday, 19 January 2022 02:15 PM

වෙනත් කෙනෙකුගේ නමින් ලියාපදිංචිය අරගෙන රස්සාව කරගෙන යන්නත් පුළුවන් රටක් මේක..!!!

:       0       9

Pradeep Wednesday, 19 January 2022 11:51 AM

කඩුයි රම්බෝ පිහියි තණකොළ කපන්න ගෙනාවා කියමුකෝ.. එතකොට පිස්තෝල සහ අනෙකුත් ගිනි අවි මීයෝ මරන්න ගෙනාපුවාද??

:       6       26

NihalWednesday, 19 January 2022 01:41 PM

ඔක්කොම ආයුධ දඩයමේ යන්න

:       0       10

LeelasenaWednesday, 19 January 2022 05:45 PM

ඒක සෙල්ලම් තුවක්කුවක්...

:       0       7

sharm warn Wednesday, 19 January 2022 11:59 AM

පිස්සුද අනේ මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක්. පෙන්නේ නැද්ද .වැඩේ වල් වුනාට පස්සේ නළුවෙක් එනවා වේදිකාවට. නම් කියන්න වෙන්නේ යූ ටියුබ් එකෙන් කිවුවොත් තමයි

:       15       64

Perera Wednesday, 19 January 2022 12:05 PM

ඕවා පොලිසියෙන් ගිහින් දාපු ඒවා වෙන්නත්. පුළුවන් එහෙව් රටක් ලංකාව

:       12       65

චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 19 January 2022 12:19 PM

මේක නාට්‍යයක පිටපතක් නම් සම්පූර්ණ අසාර්ථකයි කියලා තමයි කියන්න තියෙන්නේ... මේක සත්‍ය සිදුවීමක් නම් ඉතාමත් භයානකයි කියලා තමයි කියන්න තියෙන්නේ... මොකද මෙවන් නවීන අවියක් සහිත අවි ආයුධ තොගයක් මොහු කෙලෙසද ආරක්ෂක අංශවලටත් හසුනොවන ආකාරයෙන් සඟවාගෙන තිබුණේ කියන කාරණාව මත...

:       6       25

Indika Wednesday, 19 January 2022 12:23 PM

අර කංගැට්ටා ඉස්සුවයි කියපු නුගවෙල දිසාවගේ කඩුව වගේදත් මන්දා....

:       2       26

jagath Wednesday, 19 January 2022 12:27 PM

අපේ පොලිස් මාමලා පිස්තෝල වන වන ඉන්නේ නිකන් හරියට අපේ පොඩි කාලෙ වගේ...

:       3       16

fairoos Wednesday, 19 January 2022 12:32 PM

සර්ගේ රාජාසන කතාව කවුරුත් ගණන් ගත්තේ නැති එකේ ජනතාව නොමග යවන්න අලුත් නීතියක්...

:       7       27

Nihal Wednesday, 19 January 2022 12:41 PM

මෙයා අර සියලුම විෂයයන් දන්න වෛද්‍ය වෘත්තිය සමිතියේ හිටපු සාමාජිකයෙක්ද දන්නැහැ නේද?

:       2       16

රන්ජන් අමරසේකර Wednesday, 19 January 2022 01:35 PM

තුහ් නොදකිං කාලකන්නි...!!! 

:       1       11

rocky Wednesday, 19 January 2022 02:54 PM

හංගපු අවි ආයුධ තව ඇති. ඒවා පෙන්නන්න එක්කගෙන ගිහින් වැඩේ දුන්නාම ඔක්කොම ශේප්..!!! 

:       4       5

NewsMedia Wednesday, 19 January 2022 04:44 PM

ඔහුගේ පුතා මේ වගේ සෙල්ලම් බඩුවලට ආසයි කියලයි ඔහු මට අදහස් දැක්වූවේ. ඒ නිසා පුතා කොහේ හරි යනකොට සෙල්ලම් පිස්තෝල වගේ ඒවා ඉල්ලනකොට අරන් දෙනවාලු. ඖෂල හේරතුත් පරණ ඇන්ටික් කඩු වගේ දේවල් ආසාවට එකතු කරලා ගෙයි ලස්සනට එල්ලලා තියනවා කියලා කිව්වේ...

:       0       8

Siri Thursday, 20 January 2022 12:06 AM

හමුදාව කැඳවන්න ඕනෑ නිසා පොලිසිය ලව්වා කරපු වැඩක් මගෙ හිතේ...

:       0       0

Chathura Thursday, 20 January 2022 06:23 AM

වායු පිස්තෝල සහ සෙල්ලම් තුවක්කු. ඒවා පරීක්ෂා නොකරම අත්අඩංගුවට ගන්න ඇති. විහිලු විතරයි තියෙන්නේ... කඩු නම් ඕනතරම් ගෙවල් වල ඇති.. කලින් තණකොළ කපන්නත් කඩු ගෙනත් තිබුනේ...

:       0       3

C.K.Lankaputhra Thursday, 20 January 2022 08:35 AM

අපේ මිනිසුන් සමහරක්ට රෙද්ද පෙන්නුවත් ඇති, කපලා ඇඳුම මැෂිමක් නැතුවම අතේ මහලා ඇඳගන්නවා. මේ ඔක්කොම පොලිස් කෝලං.

:       0       3

කැලිස්ටා Thursday, 20 January 2022 12:36 PM

ඛෝම්බය තියාපු එකා බොරු වක් කීවද හරි හැටි සොයා බලා නීතියට කටයුතු කිරීම පොලීසියේ වගකීමකි වරදක් නැති මානසික ලෙඩෙක්ව රිමන් කිරීම හරිද අද නීතිය බල්ලාට ගොස්ය අද ලංකාවේ කැලෑනීතිය රජ කරවයි අත්අඩංගුවට ගන්නා අය මරාදමන පාලනයකි තම දේවස්ථානයට බෝම්බයක් තැබීමට තරම් වූ කරුනු සොයා බලා ඒ ගැන නිසි පරීක්ෂන කිරීම රටේ ජනතාවට හිතකරය නමුත් අද පොලීසිය කෙරෙහි විශ්වාසය ජනතාව මතින් ගිලිහී ගොස්ය

:       1       1

බද්රානිFriday, 21 January 2022 08:32 PM

අනේ කැලිස්ටා ඔයාගේ කතාව හරිම හුරතල්... පොලිසිය කරන්නෙත් ඉහළින් ලැබෙන මහා මොලකරුවන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීම තමයි. ඔයාගේ මනසේ ලෙඩක් තිබුණාට පොලිසියටවත්, අත්අඩංගුවට පත් වුණු පුද්ගලයාටවත් මොලේ කිසිම ලෙඩක් නැහැ. මානසික ලෙඩ තියෙන්නේ, මහා මොලකාරයින්ගේ විකට නාට්‍යය ඇත්තක් කියලා හිතන ඔයාලා වගේ බබාලටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site