(යොහාන් භාසුර)

සාම්ප්‍රදායික සහ ග්‍රාමීය කර්මාන්ත ගම්මාන සංවර්ධන ඒකාබද්ධ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 25 ක් වැයකරකරමින් සංවර්ධනය කළ දිවුලපිටිය, හුණුමුල්ල හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය පසුගියදා ජනතා අයිතියට පත්කළේය.

මෙහිදී හුණුමුල්ල ගම්මානයේ හස්ත කර්මාන්ත ශිල්පීන්ට රුපියල් ලක්ෂ 12 ක පමණ උපකරණ ද ප්‍රදානය කළේය.

ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය  ප්‍රසන්න රණවීර මහතාගේ මැදිහත්වීමෙන් ජාතික ශිල්ප සභාව එක්ව මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරයි.

මෙහිදී විදුලි සකපෝරු, වැඩමඩු, පහන් අච්චු, බිම් පෝරණු ඇතුළු උපකරණ සහ හස්ත කර්මාන්ත ශිල්පීන් සදහා ජාතික ශිල්ප සභාව ඉනිකුත් කරන හැදුනුම්පත් ද මෙහිදී ප්‍රදානය කළේය.

ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය  අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.