(ඩයනා උදයංගනී)
දිවයින ආශ්‍රිත පහල වායුගෝලයේ කැලඹිලි තත්වයක් වර්ධනයවීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද (1) වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100ට වැඩි තද වැසි සහ සෙසු ප්‍රදේශවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
, රටම අඳුරේ