(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රටපුරා අද 12 සිට මැයි 31 වැනිදා දක්වා රාත්‍රියේ එකොළහේ සිට පසු දින අලුයම 4 දක්වා සංචරණ සීමා කරන බව කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
කෙසේ වෙතත් මේ කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර ලැබෙන බව යුද හමුදාපතිවරයා කීය.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා පළාත් අතර සංචාර සීමා ද රජය විසින් පනවනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වවුලන්ට වෙන්න ඇති මේ වේලාවල් වලට සීමා පනවන්න ඇත්තේ.මහන්තත්ත කමයි,ලොකු කමයි පැත්තක තියලා දැන්වත් රටේ මිනිසුන්ට ඇත්ත කියන්න බැරි ද?මිනිස් ජීවිත නෙවේ ඩොලර් මලු දිහා බැල්ම වැටිලා තියේන්නේ.
හොද තීරණයක්... කොරෝනා බලපෑම නම් ඉතාම වැඩියි
මේ ගොඩ වෙදාලට අනුව ඔය වෙලාවල් අතර එහෙ මෙහෙ ගියොත් විතරයි කොරෝනා බෝ වෙන්නෙ...
ඇත්තටම හමුදා පතිතුමා මේවට පලි නෑ.. එතුමා කරන්නෙ දෙන නියෝග ක්‍රියාත්මක කරන එකනෙ... මේ දේවල් අඩුම තරමෙ අවුරුද්දට කලින්වත් කලානම්... මට තියෙන ගැටලුව ඇයි සාමාන්‍ය මිනිසුන්ට තේරෙන දේ මහා දැක්මක් තියෙනව කියන අයට නොතේරෙන්නෙ කියන එක... ඇයි අප්පා මෙච්චර ගොං කියල තමයි දැන් අහන්න තියෙන්නෙ...?
හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන නීති. එකදවසක් කියනවා "රටම වහන්නේ නෑ" කියල. තව දවසක් කියනවා "රාත්‍රී කාලයට විතරක්" වහනවා කියල. කොරෝනා බෝවෙන්නේ රාත්‍රී 11 සිට අලුයම 4.00 දක්වා විතරද ? කාටද අප්පා මේවා කියන්නේ? මේ වැඩෙන් ප්‍රකෝටිපතියෝ වෙලා ඉන්න අයට නම් ලෙඩේ බෝවෙන තරමට සතුටු ඇති.
ලෙඩ්ඩු ටික අල්ලගන්න දවස් 07ක් සම්පූර්ණයෙන්ම රට වහන්න.
ගෙවල්වල හිර වෙලා ඉන්න මිනිසුන්ට කෑම සපයන්නේ ඔයාද?
මටත් කියන්න තියෙන්නේ වවුල් කතාවම තමයි මහසේනගේ
ඇති යාන්තම් රෑ 11ත් 4ත් අතර මිනිස්සු එළියට බැහැලා යන වෙලාවනේ...
මේ තීරණය ගත්තු එක ගැන නම් බෙහෙවින්ම ස්තුතියි..