
(ගයාන් සූරිය ආරච්චි)
මිද්දෙනිය ප්‍රදේශය ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවකු උණ්ඩ පහළොවක් සමඟ අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදමුලන, වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදී රියදුරෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු හක්මන වීරකැටිය, මැද මුලන යන ප්‍රදේශවල ගෙවල් බිඳුම් සහ යතුරුපැදි සොරකම් ඇතුළු අපරාධ 4 කට අවශ්‍ය කර සිටි සැකකරුවකු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. තංගල්ල කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදමුලන, මැදමූලන, උන්ඩ පහලොවක්, උන්ඩ පහලොවක්, හොරකම්, හොරකම්, ඝාතන, ඝාතන, අප්පෝ! කතාකරන්නවත් බය හිතෙනවා. රෑට හීනෙනුත් පෙනෙනවා, බයේ බෑ.