IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


දිවි සැරිය නිමකළ මහාචාර්ය නයන අලගියවන්න

රුහුණ  විශ්වවිද්‍යාලයේ  ඉංජිනේරු පීඨයේ  පුරෝගාමී  ආචාර්යවරයෙකු වු මහාචාර්ය නයන අලගියවන්න  මහතා පසුගියදා හදිසියේ අභාවප්‍රාප්ත  විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.  

මොරටුව විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධිය හැදෑරු මහාචාර්ය නයන අලගියවන්න මහතා, තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ ශාස්ත්‍රපති උපාධිධරයකු ද ජපානයේ නගඔකා විශ්වවිද්‍යාලයේ
දර්ශනපති උපාධිධරයකු ද වෙයි. එතුමා 2001 වසරේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය අරඹා, එතැන් සිට විසි වසරක් පමණ දිගු කලක් රුහුණ විශ්ව විද්‍යාලයට සිය සේවය ලබා දුන්නේය.

රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විෂයාන්තර අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස සිය නායකත්ව භූමිකාව ඇරඹු එතුමා,ඉන් අනතුරුව සිවිල් හා පාරිසරික ඉංජිනේරු අධ්‍යයනාංශයේ අංශාධිපති ලෙස සේවය කරමින් එහි දියුණුවට සිය දායකත්වය ලබාදුන්නේය.

මහාචාර්ය නයන අලගියවන්න රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨ මණ්ඩලය විසින් පත්කළ ප්‍රථම පීඨාධිපතිවරයා ද වන්නේය. 2007 වසරේ සිට පුරා වසර 6 ක් පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළ එතුමා, එවකට ආරම්භක අදියරෙහි තිබූ රුහුණ විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨය නගා සිටුවීමෙහිලා කළ ප්‍රධාන මෙහෙවර අතර පීඨය මගින් එවකට පිරිනැමූ සියලු උපාධි පාඨමාලා අන්තර්ජාතික නියාමනයන්ට අනුකූලව අන්තර්ජාතිකව පිළිගත් පාඨමාලා (Accredited in compliance with Washington Accord) බවට පත්කිරීම, පීඨ සිසුන් වෙනුවෙන් පුස්තකාල පහසුකම් ලබා ගැනීම මෙන්ම ජපන් ශ්‍රී ලංකා සහයෝගීතාවයෙන් ඇරඹුණ SATREPSව්‍යාපෘතිය හරහා සිවිල් හා පාරිසරික ඉංජිනේරු අධ්‍යයනාංශයේ භු තාක්ෂණික ඉංජිනේරු පරේය්ෂණ අංශයේ දියුණුව වෙනුවෙන් කළ කටයුතු මූලික වේ.

2013 වසරේ සිට වසර 6 කාලයක් රුහුණ විශ්ව විශ්වවිද්‍යාලයීය   නියෝජ්‍ය  උපකුලපතිවරයා ලෙස සේවය කළ මහාචාර්ය නයන අලගියවන්න මහතා ශිෂ්‍ය සුබසාධන කටයුතු වෙත සිය උපරිම දායකත්වය ලබා දුන්නේය. පීඨය තුළ ශිෂ්‍ය නේවාසිකාගාර පහසුකම් වැඩි දියුණු කිරීම හා ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීම නියෝජ්‍ය උපකුලපතිවරයා ලෙස එතුමා විසින් පීඨයට ඉටුකළ ප්‍රධාන මෙහෙවර අතර වේ.

එමෙන්ම, ඉංජිනේරු පීඨය විසින් නාවික ඉංජිනේරු හා නාවික නිර්මාණ ශිල්පය පිළිබඳ අධ්‍යයනාංශය අරඹන අවස්ථාවේ එහි කටයුතු වෙනුවෙන් ද රුහුණ විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීඨය ඇරඹීම සඳහා ද සිය උපරිම දායකත්වය ලබා දුන්නේය.

රුහුණ විශ්වවිද්‍යාලය තුළ පමණක් නොව, වයඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීඨවල දියුණුව වෙනුවෙන් එතුමා කෘතහස්ත පිඨාධිපතිවරයෙකු හා අත්දැකීම් බහුල නායකයෙකු ලෙස එතුමාගේ නොමසුරු දායකත්වය ලබා දුන්නේය.

ශ්‍රී ලාංකිය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළ එතුමා සිය සේවා කාලය තුළ ම සිය දිවියෙන් සමුගැනීම රුහුණ විශ්වවිද්‍යාලයට මෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ම විශාල පාඩුවකි.

රුහුණ විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨ කාර්ය මණ්ඩලය එතුමාගේ පවුලේ සාමාජිකයන්, හිතවතුන් වෙත සිය බලවත් ශෝකය පළ කරන අතර, එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරයි.


ඉංජීනේරු පීඨ සහෘද කාර්ය මණ්ඩලය
රුහුණ විශ්ව විද්‍යාලය



අදහස් (0)

දිවි සැරිය නිමකළ මහාචාර්ය නයන අලගියවන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 611 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 231 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 349 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 85 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 204 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 201 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1054 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1449 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site