IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


දිවි පරදුවට තබා ගංගා තරණය කළ අයට ග්‍රාමීය පාලම්

ඒ දඬු, වැල් පාලම් හා කුඩා පාලම් වෙනුවට ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ සමාරම්භක උත්සවය ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(01) රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.
 
ඒ අනුව කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ඉල්ලීමකට අනුව, මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හපුගොඩ පාලමේ ඉදිකිරීම් කටයුතු ඇරඹිණි.
 
මෙම ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ පළමු අදියර රත්නපුර, බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වේ.
 
මෙම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කුඩා පාලම් යෝජනා 5,000 කට අධික ප්‍රමාණයක් අමාත්‍යාංශය වෙත ලැබී ඇති බවද, ඉදිරි වසර 4ක කාල සීමාව තුළ මෙම පාලම් අවශ්‍යතා සපුරාලීම රජයේ අපේක්ෂාව බවද රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.
 
මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ නියෝජිතවරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමයේ නියෝජිතවරු, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු සහ ගම්වාසීහු සහභාගී වී සිටියහ.



අදහස් (7)

දිවි පරදුවට තබා ගංගා තරණය කළ අයට ග්‍රාමීය පාලම්

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 01 October 2020 05:52 PM

කවුරු කළත් හොඳ වැඩේට අප හොඳයි කියනවා. දේශපාලන කුහකකම් අප ළඟ නැහැ. මෙතුමා මේ කරන වැඩේ ඉතාමත්ම හොඳයි. එය අගේ කළ යුතුයි. එමෙන්ම, මාතර දිස්ත්රික්කයේ නෙළුව මොරවක ඇතුළු අවට ප්‍රදේශවල හා දෙනියාය හා අවට ප්‍රදේශවල මිනිස්සුන්ට යෑමට හෝ නොහැකි කුඩා පාලම් ඒ දඬු ආදිය තිබෙනවා. අන්න ඒ අසරණ මිනිස්සුන්ට මෙවැනි අලුතෙන් පාලම් ඉදිකර දීමට ද ක්‍රියාත්මක වෙන්න ස්තුතියි.

:       1       11

janabala asamagi Thursday, 01 October 2020 07:22 PM

සමහර දේවල් වතුරට වැටුනම බලය අඩු වෙනවා ආරක්ෂාවක් නැහැ. ගමට ගෙනියන්න ඕන සුදුසු විදිහට.

:       0       2

Rathnapura Wasiya Friday, 02 October 2020 03:03 AM

අනේ මහත්තයෝ ආවට කමක් නැහැ. අපිට ඕන පාලම විතරයි.

:       0       9

saliya Friday, 02 October 2020 05:23 AM

පොදුජන ඉංජිනේරුවන් කියන විදිහට බර වාහන යන්න බැරි පටු පාලම් හදන්න එපා.

:       1       5

Kamal Koyrala Friday, 02 October 2020 07:26 AM

බොහොම හොඳයි... ඒත් ඡන්ද වියදම් පියවා ගන්න හෝ ඡන්දයට ආධාර කළ කොන්ත්‍රාත් කරුවන්ට නොපවරා රාජ්‍ය ඉංජිනේරු සමාගම විසින් ඉදිකරනවා නම් තමයි හොඳ.. එතකොට මහජන මුදල් ටෙන්ඩර්, වංචා වෙන්නේ නැහැ. රජයේ වගවීම තියෙනවා.

:       0       10

සෙනවිFriday, 02 October 2020 11:42 AM

කලක් බලාපොරොත්තුව සිටි දෙයක්... කිව්වා වගේ මෙයට රාජ්‍ය ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කළයුත්තක්. ඒ වගේම මේවාට උත්සව නැතිව කළොත් තවත් වියදම අඩු කළ හැකිය.

:       0       5

Sanjeeva Perera Saturday, 03 October 2020 08:47 AM

ඉතා හොඳ වැඩක් ලංසා මහතාණෙනි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site