
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශයන්හී පාසල් දරුවන්ට පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීමට සහාය දැක්වීමට යුනිසෙෆ් සංවිධානයේ යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නව නියෝජිත ක්‍රිස්ටියන් කෘග් මහතා පැවසීය.
යුනිසෙෆ් සංවිධානයේ නව ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් කෘග් මහතා ජල ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සම්පාදන අමාත්‍යාංශයේදී අද (24) හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එසේ පැවසීය.
ළමා සෞඛ්‍යය ආරක්ෂාව වෙනුවෙන් ගුණාත්මකභාවයෙන් ඉහළ පිරිසිදු පානීය ජලය නිරන්තරයෙන් ශ්‍රී ලාංකීය දරුවන්ට ලබාදීමේ වැදගත්කම සහ ඒ සඳහා අවශ්‍ය වන නව දැනුම හා සහයෝගය ලබාගැනීමට මැදිහත් වන මෙන් යුනිසෙෆ් සංවිධානයෙන් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එහිදී ඉල්ලා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd