(රංජිත් රාජපක්ෂ )

සිය  වයස අවුරුදු 6 ක පුතා සහ අවුරුදු 7 ක දියණිය ගසක බැද ඇගේ මිරිස් තවරා අමානුෂික ලෙස වද හිංසා පැමිණ වු සැකකාර පියෙකු  සැකපිට අත්අඩංගුවට  ගත් බව  හැටන් පොලීසිය කියයි.

වද හිංසාවට ලක් වු ළමුන් දෙදෙනා වෛද්‍ය පරික්ෂණයක් සදහා දික්ඔය මුලික රෝහලට ඇතුළු කර ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.

හැටන් කුඩාගම පදිංචි සැකකරු හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකි.

සැකකරු බිමට ඇබ්බැහි වු අයෙකු බවත්, බිමත්ව නිවසට ගොස් බිරිදට පහර දි දරුවන් සිව්දෙනාට මෙවැනි ආකාරයට කෘර ලෙස වද හිංස පමුණවන බවට හැටන් කුඩාගම ප්‍රදේශවාසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව  මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

හිංසාවට ලක් වු දරුවන් දෙදෙනා  ඊයේ ( 02 ) පියා  නිවස අසල පිහිටි වෙලදසැලකට යවා ඇති අතර එහිදී ගෙන එමට පැවසු දේට අමතරව නිවසට දර මිටියක් රැගෙන ඒම සම්බන්ධයෙන් උරණ වු පියා දරුවන් දෙදෙනාට මෙසේ අමානුෂික ලෙස වද හිංසා පමුණවා  ඇතැයි මූලීක පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පොලීසිය කියයි.

වද හිංසාවට ලක්වන දරුවන් දෙදෙනා ප්‍රදේශවාසින් විසින් මුදාගෙන ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියට දැනුම් දිමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් ඊයේ  (02)  රාත්‍රියේ දරුවන් දෙදෙනා පදිංචි නිවසට ගොස් සැකකාර පියා  අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු  අද (03) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.