පානදුර සුමිත් ප්‍රේමතිලක
කළුතර කැලිඩෝ මුහුදෙහි රළ පහරට ගසාගෙන යමින් සිටි කුඩා ළමුන් පිරිසක් බේරාගැනීමට ඉදිරිපත් වූ සිවිල් ඉංජිනේරුවෙකු මුහුදු රළ පහරට හසුව මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මතුගම කලුපහන ප්‍රදේශයේ පදිංචිව සිටි දමිනිගේ දමිත් ශ්‍රීමාල් උදය කුමාර නමැති 31 හැවිරිදි සිවිල් ඉංජිනේරුවකු ලෙසින් රාජකාරි කල පුද්ගලයෙකු බවයි පොලීසිය පවසයි.
ඔහු තවත් පිරිසක් සමග කැලිඩෝ වෙරළ තීරයට පැමිණ එහි ඇති ගල් බැම්ම මත ඇවිද සිරි නරඹමින් ඡායාරූප ගනිමින් සිටියදී කුඩා ළමුන් පිරිසක් රළ පහරට හසුව ඇති බව දැක තිබේ . කුඩා දරුවන් බේරාගැනීම සඳහා කාන්තාවන් කිහිප දෙනෙක් මුහුදට බැස ඇති අතර ,ඔවුන්ද රළ පහරට හසුව සිටියදී ඔහු මුහුදට පැන කාන්තාවන් සහ දරුවන් බේරාගැනීමට සහාය වී ඇතැයි පොලීසිය කියයි .
එහිදී හදිසියේම ඔහුද රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, තවත් පිරිසක් එක්ව ඔහු බේරා ගෙන සුවසැරියෙන් නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයුර ඔබ මියගියේ විරුවෙක් ලෙසින්. ‘‘ඔබට නිවන් සුව ලැබේවා..!!!
නිර්භීත වීරයෙක්... සාමයේ සැතපේවා..!!!
අනුන් ගැන සිතා ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට තම දිවි පුදකළ පරාර්ථකාමී උගතෙක්. ඔබ වන් අය වඩවඩාත් අවැසි යුගයක එවැනි අයෙකු අපෙන් සමුගැනීම මහත් අවාසනාවකි. උගත් වීරයාණෙනි, ඔබට නිවන් සුව... !!!
හරිම කණගාටුදායක පුවතක්... පව්...!!! ඔබට නිවන් සුව අත්වේවා...!!!
දිවි පුදපු වීරයෝ තමයි... නියම වීරයෝ...!!!
එතුමාට නිවන් සුව ලැබේවා...! මුහුදේ දියනෑමට සහ පිහිනීමට යනවිට අඩුතරමින් ත්‍රිරෝද රථයක ටියුබයක් රැගෙන යෑම අනිවාර්ය කිරීමෙන් වටිනා ජීවිත ආරක්ෂා වේවි නේද?
අපට නම් ඔබ වීරයෙක්... නිවන් සැප ලැබේවා...!!!
හරිම කණගාටුදායක පුවතක්.. මේ වගේ තැන්වලට අනිවාර්යයෙන්ම මුහුදු වෙරළ ආරක්ෂකයන් සිටිය යුතුයි.