
(විමුක්ති එස් රුද්‍රිගු)
දරු පල නොමැති තම බාල සොහොයුරියට බද්ධ කිරීම සඳහා වැඩිමහල් සොයුරිය ඇයගේ ගර්භාෂය පරිත්‍යාග කළ පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වී තිබේ.
දරුවන් දෙදෙනකුගේ මවක් වීමට වාසනාව ලද 40 වියැති වැඩිමහල් සොයුරිය දරුවන් නොමැති තම 34 හැවිරිදි බල සොයුරියට මවක් වීම සඳහා අවස්ථා ලබා දීමට ඇයගේ ගර්භාෂය බාල සොයුරියට පරිත්‍යාග කර ඇත.
සොයුරියන් දෙදෙනාම විවාහකයන් වුවත් බාල සොයුරියගේ ගර්භාෂය දරු කළලයක් දරා ගැනීමට අවශ්‍ය අයුරින් වර්ධනය නොවීම හේතුවෙන් ඇයට මවක් වීමට හැකියාව ලැබී නොමැත.
ඒ හේතුවෙන් වැඩිමහල් සොයුරිය පරිත්‍යාග කළ ගර්භාෂය පැය 9 විනාඩි 20 ක ශල්‍ය කර්මයකින් පසුව බාල සොයුරියට සාර්ථකව බද්ධ කිරීමට ඔක්ස්ෆර්ඩ් හි චර්චිල් රෝහලේ වෛද්‍යවරුන් සමත්ව ඇත.
මෙම ශල්‍ය කර්මය සඳහා 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගී වී ඇති අතර සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා පැය 17 කට ආසන්න කාලයක් ගත වී ඇත.
මෙය එක්සත් රාජධානියේ ප්‍රථම ගර්භාෂය බද්ධ කිරීමේ ශල්‍ය කර්මයද වේ.ශල්‍ය කර්මය සිදුකළ කණ්ඩායමේ නායකයා වූ මහාචාර්ය රිචර්ඩ් ස්මිත් පවසා ඇත්තේ තමන් අවුරුදු 25 ක කාලයක් ගර්භාෂය බද්ධ කිරීම පිළිබඳව පර්යේෂණ සිදු කළ බවත් මෙම ශල්‍ය කර්මය සාර්ථක වීමත් සමඟ දරු පල නොමැති කාන්තාවන්ට අලුත් බලාපොරොත්තුවක් ලැබී තිබෙන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ඨ ආදර්ශමත් ක්‍රියාවක් ලෙස අගය කරමු. කාර්ය මණ්ඩලය විශේෂයෛන් පැසසුමට ලක් කරමු. උත්සාහයේ ප්‍රතිඵල සාර්ථක වේවා.
අවයව පරිත්‍යාග කිරෙමෙන් ලබන සතුටට වඩා තවත් ලොකු සතුටක් කොහෙද තියෙන්නේ
ඒක උතුම් ක්‍රියාවක්...