IMG-LOGO

දරුවන් 8 කගේ පංචායුධ වලට විද්ද කත අල්ලයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පෙර පාසලට ගොස් හඩන දරුවන් සනසා දී රහසේම එම දරුවන්ගේ රන් පංචායුධ සොරා ගැනිමේ නිරතව සිටි කාන්තාවක් ආණමඩුව පොලිසියේ විවිධ පැමිණිලි අංශය අද (07)  අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව ආලංකුලම පදිංචි 32 හැවිරිදි කාන්තාවක් බව කියයි.

අත්අඩංගුවට ගත්  කාන්තාව ආලංකුලම, වත්තේගෙදර ඇතුළු ප්‍රදේශ වල පෙර පාසල්වලට  ගොස් එහි හඩමින් සිටින දරුවන් සනසන මුවාවෙන් මෙම පංචායූධ සොරා ගැනිම කලක සිට සිදුකර ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.

පොලිස් පරික්ෂණ අනුව මේ වන විට දරුවන් අට දෙනෙකුගේ ගෙල බැදි රන් පංචායුධ මෙම කාන්තාව අවස්ථා කිපයකදී කිසිවකුට නොදැනෙන අයුරින් සොරා ගැනිම සිදුකර ඇති බවත් තවත් එසේ පංචායුධ සොරකම් කර ඇත්දැයි යන්න පරික්ෂණ අරඹා ඇති බව විවිධ පැමිණි අංශය කියයි.

කෙසේ වෙතත් මෙම කාන්තාව දරුවන් සනසා දිමෙන් පසුව දරුවන්ගෙ ගෙලෙහි ගැට ගසා තිබු පංචායූධ අතුරුදහන් විම ගැන පෙර පාසල් පාලිකාවන් හා දරුවන්ගේ මව්වරුන් විසින් තුළ ඇතිවු සැකයක් මත පොලිසියට පැමිනිලි කිරීමේන් පසුව පරික්ෂණ අරඹා තිබු බව ද කියයි.

ඒ අනුව අදාල කාන්තාව අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේන් පසුව අදාල කාන්තාව පාපොච්චාරණය කර ඇති බව කියයි.

අත් අඩංගුවට ගත් කාන්තාව ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ආණමඩුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයෙ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.ඒ.ටී. නිල්මිනී මහත්මිය ඇතුළු නිළධාරින් විසින් පවත්වයි.



අදහස් (0)

දරුවන් 8 කගේ පංචායුධ වලට විද්ද කත අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 174 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 670 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1069 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site