
(ඩයනා උදයංගනී)
ලෝක වැඩිහිටි දින ජාතික සැමරුම් උත්සවය සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (1) පැවැත්විණි.
“වසංගත හමුවේ වැඩිහිටි අභියෝග” යන්න තේමා කර ගනිමින් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
වැඩිම දරුවන් සංඛ්‍යාවක් සිටින මව්වරුන් වෙනුවෙන් උපහාර දැක්වීමක් ද මෙහිදී සිදුකෙරුණු අතර එහිදී වැඩිම දරුවන් දැයට දායාද කළ මාතාව ලෙස දරුවන් 18 දෙනෙකු බිහිකළ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි ඩී.එම් මැණික්හාමි මාතාව සෞඛ්‍ය අමාත්‍යවරිය අතින් ඇගයීම් තිළිණ ලබාගත්තාය.
වැඩිහිටි නිවාස සදහා මුදල් ආධාර සහ ලියාපදිංචි සහතික පිරිනැමීම, වැඩිහිටි හරසර ක්‍රීඩාවෙන් ජයගත් වයස්ගතම වැඩිහිටි ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙත උපහාර පිදීම ආදි කටයුතු ද මෙහිදී සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ළමයි 18ක් හම්බවුණොත් ඒ ටික ඉස්කෝලෙකට දාන්න අඩුම ගානේ ලක්ෂ 18ක් ඕනෑ. මේවා බොරුවට අගයලා වැඩක් නැහැ. ඒක තමයි අපි හැමදාම කියන්නේ ගමේ පාසල් ටික වහන්න එපා කියලා. ගමේ පොඩි පොඩි ඉස්කෝල 20 ක් 30 ක් පහු කරගෙන අම්බලන්ගොඩ ඉක්කෝලවලට ළමයි එවනවා. මේවාට දේශපාලකයෝත් හවුල්. විදුහල්පතිවරු නිකම් නෙවෙයි, එක් ළමයෙකුගෙන් අඩුම ගානේ රුපියල් ලක්ෂයක් වත් ගන්නවා. අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පාලනය කළ සිංහල බෞද්ධ පාසල් 38ක් වහලා දාලා තියෙනවා. මේවාට එන්ජීඕ කාරයෝත් හවුල්. අම්බලන්ගොඩ ධම්මකුසල විදුහල වහන්න එන්ජීඕ කාරයින්ගෙන් කලාප අධ්‍යක්ෂයි, කොට්ඨාස අධ්‍යක්ෂයි දෙන්නම සල්ලි ගත්තා. එහෙම කරලා තමයි දරුවන්ගේ ගෙවල් වලට ගිහිං අහිංසක නොදත් වැඩිහිටි අයට සල්ලි දීලා ළමයි පාසලෙන් අස්කරලා, අනාථ කරලා පාසල වහලා දැම්මේ... බොරුවට තෑගි බෝග දීලා වැඩක් නැහැ. දරුවෙක් ලැබෙනවා කියන්නේ මහ බරක්... ඉතිං කොහොමද දරුවන් හදන්නේ. දේශපාලකයින්ටත් දරුවෝ මතක් වෙන්නේ ඡන්දෙ කිට්ටු වුණාම. ඒ නිසා දැන්වත් ගමේ පාසල් ටික නගාසිටුවන්න. දෙමාපියන්ට දැනෙන දරුබර අඩුකරන්න, රජය මැදිහත් වෙලා ස්ථිර වැඩ පිළිවෙලක් දියත් කරන්න. එතකොට අඩුම ගානේ එක පවුලකට දරුවන් 3 දෙනෙක් වත් ඉඳීවි.
ගරු පවිත්‍රා මැතිණියනි, පුළුවන් නම් මාව ගෙන්වන්න. මම හිටපු විදුහල්පතිවරයෙක්. දකුණේ මහඇමති සහ දේශපාලකයින් මෙන්ම දකුණේ අධ්‍යාපන බලධරයින් දරුවන්ට කරපු අපරාධය ගැන කථා කරන්න මට පුලුවන්. මම ළඟ ඕනෑතරම් සාක්ෂි තියෙනවා. ඉතිං කොහොමද දරුවො හදන්නේ...? ඔය කියන කිසිවෙක් දරුවන්ට ආදරේ නැහැ. ආදරේ දරුවන්ට නොවෙයි, සල්ලි වලට. මම හිටපු ඉස්කෝලේ වහන්න මගෙන් නිර්දේශ ඉල්ලුවලු. එහෙම දෙයක් වුනේ නැහැ ඉල්ලුවත් මම දෙන්නෙත් නැහැ. විදුහල්පති ඉන්නේ පාසල වහන්න නොවෙයි. ලෝක හොරකමක් වහන්න පාසල වහන දවසේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කිව්වේ නිර්දේශය සහිත ලිපියට අත්සන් කරන්න. එතකොට මට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. වැඩ තහනම් කරලා රස්සාව නැති වුණාම හාමුදුරුවො එන්නෙත් අපට වැඳගෙන. මේක බොහොම ප්‍රසිද්ධ කථාවක්... ඉතිං එහෙම කියලා බලහත්කාරයෙන් වහලා දැන්මේ අසරණ ධීවර පවුල් කිහිපයක දරුවන් ඉගෙන ගත්ත පාසල... ඒ දරුවො නැවත වෙනත් පාසලකට ගියේ නැහැ. මොකටද ඔය ඇගයීමක්? හිතලා බලන්න. හොඳම දේ දරුවන්ටද? ඇවිත් බලන්න උදේට අම්බලන්ගොඩ නගරය දිහා..
හිටපු අධ්‍යාපන ඇමති රාසපුත්ත දකුනේ හොඳම ප්‍රතිඵල පෙන්වන්න 10 වසර වෙනකම් පාසල් ගිය දරුවන් 3000කට අ.පො.ස සා.පෙළ විභාගයට ලියන්න අවසර දුන්නේ නැහැ. ඉතිං හොඳම ප්‍රතිඵල දකුණේ තමයි. ඉතිං කොහොමද දරුවන් 18ක් හැදුවොත්. දැනුත් අපේ අම්මලා ළමයි හදන්න ලැහැස්තියි. දරු බර අඩුකරන්න. මේවා තමයි ජාතික ගැටලු. ගමේ පාසල් ටික නැවත ගොඩනගන්න. ජනප්‍රිය පාසල්වල ප්‍රාථමික පන්ති අහෝසි කරන්න. තරගය අඩු කරන්න නොවෙයි නැතිම කරන්න. ගමේ පාසල තිබුණා නම් දෙමාපියන්ට ගමන් වියදම් නැහැ. කරදරයක් නැහැ. දරුවන්ට කන්න බොන්න දීලා ඉස්කෝලේ යවන්න පුලුවන්. මොකක්ද මේ? . දරුවන් වැඩි දෙමාපියන්ට සහනයක් දෙන්න. එවිට දරුවන් හදාවි. නැත්නම් අපිට වෙන්නේ මොකක්ද කියලා කියන්න අවශ්‍ය නැහැ. ගමේ ඩිස්පැන්සරි ටික නැවත අරින්න. ගමේ පන්සල්වල හවසට නිදහසේ උගන්වන වැඩ පිළිවෙලක් හදන්න. කෝ දැන් ඒවා මොකක්වත් නැහැ..
ලලිත් මහත්තයෝ, අපරාදෙ පාසල වහන්න නිර්දේශය දුන්නා නම්.. අද ඔබටත් හොඳ තනතුරක් අරන් සැපට ඉන්න තිබුණා. ඒකට කමක් නැහැ. ඔබ ඔබේ සැපට වඩා පාසල ආරක්ෂා කරන්න උත්සාහ කරලා තියෙනවා.
පුංචි පවුල රත්තරන් කියා අම්මලාට බලෙන්ම වගේ වඳ සැත්කම් කරමින් නායකයින් හොඳ වැඩක්ද කරලා තිබෙන්නේ.
පොදුවේ ගත් කල දේශපාලුවන් යනු අනිකාගේ "යට ඇදුමෙන්" හෝ තමන්ට වාසියක් ගත හැකි නම් එම අවස්තාව ගන්නවාමය. (මෙය සියලුම දේශපාලන පක්ෂවලට අදාලය..) මෙයද එවන් අවස්තාවක් වියහැකිය..
ලලිත් මහත්මයට සුබ අනාගතයක් පතමි.!
බොරුවට ජනතාව රවට්ටන්නේ නැතුව දිගටම කරගෙන යන්න. මේක තම කල යුත්තේ. නියම වැඩක්.
මෙම උපහාර උළෙල නාරම්මල පැවැත්වූවානම් කොපමණ හොඳද? මේ මාතාවට කොළඹට එන්න කොතරම් වෙහෙසක් ගන්න ඇද්ද?