
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පාසලකට කඩා වැදී 9 හැවිරිදි දරුවෙකුට පහර දුන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැඩ තහනමට ලක් වූ කොස්තාපල්වරයෙකි. පහර කෑමට ලක් වූ දරුවා රෝහල් ගතව ඇත.
සැකකාර කොස්තාපල්වරයාගේ දියණිය සහ පහර කෑ දරුවා එකම පාසලේ එකම පන්තියක ඉගෙනුම ලබන අතර තවත් දරුවන් කීප දෙනෙකු සමග එකතුව සෙල්ලම් කරමින් සිටියදී දැරිය තල්ලුවී බිම වැටීමෙන් ඉදිරි දතේ කොටසක් කැඩී ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙයින් උරණව තිබූූ දැරියගේ පියා වන සැකකරු පන්ති කාමරයට කඩා වැදී දරුවාට පහර දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත.
අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් පන්ති පාර ගුරුතුමියගෙන්ද ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය කියයි.
2025 ඔක්තෝබර් මස 08
1715
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දරුවෙකුට පහරදුන් හිටපු පීසී අත්අඩංගුවට