අවුරුදු 15 දැරියක් රවටා අවස්ථා කිහිපයකදීම ලිංගිකව හැසුරුණු බව කියන 19 හැවිරිදි පුද්ගලයෙකු අද (26) විවාහවීමට සිටියදී දැරිය ෙග් ඥාතියකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ඒම තරුණයා ඊයේ (25) අත්අඩංගුවට ගත්බව මල්වතුහිරිපිටිය ෙපාලිසිය පවසයි.
මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු ත්‍රිරෝද රථ අලුත්වැඩියා කිරීමේ කාර්මිකයෙකු ලෙස කටයුතු කරන බවද පොලීසිය සදහන් කරයි.
සැකකරුගේ නිවස ඉදිරිපිට පිහිටි නිවසෙහි පදිංචි මෙම බාල වයස්කාර දැරිය පසුගිය අගෝස්තු මාසයේ සිට මොහු වෙසෙන නිවසට ගෙන්වා ගනිමින් අවස්ථා කිහිපයකදී ලිංගිකව හැසිරී ඇති බවත් මොහු වෙනත් තරුණියක් විවාහ කර ගැනීමට යන බව දැනගැනීමෙන් පසුව දැරිය තම පුංචි අම්මාට මේ පිළිබඳව පැවැසීමෙන් පසුව පවුලේ ඥාතීන් විසින් පොලීසියට කරන ලද පැමිණිිල්ලට අනුව සැකකරු අත් අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ සහකාර පොලිස් අධිකාරී එස්.කේ.උපාලි මහතාගේ උපදෙස් පරිදි මල්වතුහිරිපිටිය පොලිස්ථානාධිපති සමන්ත මුණසිංහ මහතාගේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ කාන්තා පොලිස් පරීක්ෂිකා ප්‍රියානි සහ කාන්තා පොලිස් සැරයන් ඉෂාරා - 2742 යන නිලධාරිහු පරීක්ෂණ සිදු කරති.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දැරියට හදි කර හොරෙන් මඟුල් කන්න හැදූ ත්‍රීවිල් බාස් මාට්ටු