මොහොමඩ් ආසික්
අවුරුදු හතරක ළදැරියක සිය ඇඳුමේ මළපහ කරගත්තේ යැයි යකඩ හැන්දක් රත් කර දැරියගේ පසුපස ප්‍රදේශය පුළුස්සා කෲර ලෙස හිංසා කළ ඇගේ මව අලවතුගොඩ පොලිසිය අද (13) අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 9 වැනදා දැරිය මෙසේ හිංසනයට ලක්ව තිබේ.
දැරියගේ පියා පිළිස්සුම් තුවාල දැක අලවතුගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය දැරියගේ මව අත්අඩංගුවට ගෙන ඇත.
පිළිස්සුම් තුවාල ලද දැරිය ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකාරිය අද (13) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
අලවතුගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට සිලිටු සිත්වලට මොකද වෙලා තියෙන්නේ...?
දැරියගේ මවටත් ඒ දඬුවමම දීම සුදුසුයි!
කුඩා දරුවකුගේ මෙවන් අඩුපාඩුවකදී දෙමවුපියන් මොනතරම් සංවේදීව හැසිරෙන්නේද යන්න මේ මවට නොදනිම ඉතාම කනගාටුදායකය.