
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු තෝරාගත් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වන පුද්ගලයන්ට අනිවාර්යෙන්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
එවැනි පුද්ගලයන් හුරතල් කිරීමෙන් පලක් නොවන බවද හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ අපරාධ නඩු විධාන සංග්‍රහය( සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
සංවිධානාත්මක අපරාධවල යෙදෙන පුද්ගලයන්ට මරණ දඬුවම ලබා නොදෙන්නේ ඇයි දැයි මෙහිදී ප්‍රශ්න කළ නිමල් සිරිපාල ද සිල්වා මහතා මරණ දණ්ඩනය යුත්තේ පොඩි පොඩි කුඩු පැකට් ළඟ තබාගෙන සිටින අයට නොව මත්කුඩු කිලෝ සියය දෙසීය ගෙනැවිත් ජාවාරම් කරන අයට බවද ප්‍රකාශ කළේය.
අද බොහෝ දෙනා මේ ගැන කතා කිරීමට බියවී සිටින බව පැවසූ කම්කරු අමාත්‍යවරයා එවැනි අපරාධ කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් අරඹන්නැයි තමා අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි, නියම කතාව. එතකොට එල්ලුම් ගහට යන ගමන් පිටිපස්සෙන් ඉන්න සුදුරෙදි හොරු ගැනත් කියවෙන කොට ආයුධ පෙන්නන්න ගෙනියන්න ඕනැත් නැහැ. දැන් දැන් කුඩු සම්බන්ධ කට්ටියව ඇප පිට නිදහස් කරලත් තියෙනවනේ...!
ප්‍රථමයෙන් අධිකරණයෙන් දඬුවන් ලැබුණු වැරැදිකරුවන් නිදහස් කිරීමේ ජනාධිපති සතුව ඇති බලතල අහෝසි කරන්න. ජේ.ආර් ගෙනාපු නරකම සහ ඉතා අසාධාරණ වගන්ති මේක. ජේ.ආර්. රට අවුල් කරලා ගියා...
නිකන් ෂෝ විතරයි. සර් ෆේල්..
කොන්ද පණ තියෙන නායකයෙක් රටේ ජනාධිපති වුණු දවසක ඔබතුමාගේ බලාපොරොත්තුව ඉටුවේවි...
ඇති යාන්තම් වැදගත් කතාවක් කියලා තියෙනවා. අර පිලිපීනෙ ක්‍රමයට නඩුත් නැතිව අහුවුණ තැනේදීම මරන්න ඕනෑ...
යන යන තැන කට ඇරගෙනම නිදා ගන්න සිරිපාල ගොයියා මඤ්ඤං කථා කියන්නන්ගේ සංගමයේ අනුශාසක නිසා මිනිසුන් සිරිපාල උන්දැට සමාව දෙනවා. මොකද දැන් දියවන්නාව පට්ටියේ බලයේ සිටි පක්ෂ කීයක් ඔය කියන මරණීය දණ්ඩනය ගේනවා කිව්වාද..? සමහරු එල්ලා මැරීමට යොදා ගන්නා කඹත් ගෙනාවානේ... කියනවාකෝ බලන්න සිරිපාල ගොයියෝ මොන අපරාධ කාරයවද එල්ලුවේ කියලා. ගොං අදහස් ඇති බව මිනිසුන් හොඳින් දන්නවා. ඉතින් නිකං තව තවත් ගොනා වෙන්න එපා...
අපි යන්න ඕනෑ ඉස්සරහටද? නැත්නම් ආපස්සටද?
මරණ දඬුවම දෙන ස්ථානය පාර්ලිමේන්තුවට නුදුරින් ඉදිකරන්න.
එතකොට ඔබතුමාම නේද ඔය මිනිස්සු මරලා එල්ලුම් ගස් ගිය උදවිය "නිදොස් කොට නිදහස්" කරන එකටත් අත් දෙකම උස්සලා අනුමැතිය දුන්නේ? අනේද කියන්නේ?
අන්න වැඩේ. එහෙනම් ඉස්සෙල්ලාම යවන්න ඕනෑ 225. එයාලා තරම් රටට අපරාධ කරපු අය තවත් ඉඳීද?
තව දෙයක් එකතු වෙන ඕනේ.රජයේ දේපල හොරාකන උන්ටත් ඒ දඬුවම දෙන්න ඕනේ
අද ඇති අපරාධ බොහොමයකට මුල නම් අපරාධකරුවන් අපරාධ කිරීමට බිය නොවීමයි. එබැවින්, කෙනෙක් භයානක අපරාධ වලට යොමුවීම වැළැක්වීම සඳහා දැඩි දඬුවම් පැනවීම මුළු මහත් සමාජයේ යහපත උදෙසා කළ යුතුම දෙයකි...
අදත් තියෙන්නේ රුපියල් දහ දාහ හොරකම් කරපු මිනිහාගෙන් ජේලර්ලා මාසෙට පන්දාහ ගානේ කප්පම් අරගෙන සාහසිකව මරා දමද්දී, බලවතුන්, මිනීමැරුම් චෝදනා සහිතව පාර්ලිමේන්තු එන යුගයක්... ඇත්තටම ලංකාව ආපස්සට ගිහින් ගෝත්‍රික යුගයට යනවා වත්ද? මේ රටේ උගතුන් කෝ..?
ඉතින් එහෙම නම් දියවන්නාවෙන්ම තමයි පටන් ගන්න වෙන්නේ
අපරාධ පාලනය කිරීම සඳහා ඵලදායී වැළැක්වීමක් අත්‍යවශ්‍ය වේ. එබැවින්, වඩාත් මානුෂීය ක්‍රමයක් උදා. මරණ දඩුවම ක්‍රමයක් ලෙස "මාරාන්තික එන්නත්" හඳුන්වා දිය යුතුය. සිරගෙදර සිටින දරුණු අපරාධකරුවන් දහස් ගණනකට කෑමට රාජ්‍ය මුදල් නාස්ති කිරීම නවත්වන්න !!!!?????? සෞඛ්‍ය හා වෘත්තීය පුහුණුව සඳහා එවැනි අරමුදල් යොදවන්න....?
ඉතා හොඳ වැඩක්.පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ඉස්සරවෙලාම එල්ලමු
මරණීය දණ්ඩනය ලබන්නා වේදනාවක් විඳින්නේ මිනිත්තු ගණනකට... මරණීය දණ්ඩනය නියමකර නොමරා හිරේ දැම්මොත් කොයිවෙලේ මරයිද කියා මැරෙනතුරාවට ඒ වේදනාව විඳවනවා...!