
(එච්.එස්.ඒ.නන්දන)
හයිලෙවල් මාර්ගයේ දී අද දින උදෑසන අනාරක්ෂිත ලෙස දැව පටවාගෙන ධාවනය වූ ලොරි රථයකින් ලී කොටයක් ඇදවැටීමෙන් පාසල් දරුවෙකුගේ පාදයකට තුවාල සිදු වී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව පාදුක්ක පොලිසිය කියයි.
තුන්නාන සිරි සුමනජෝති මහ විදුහලේ සිසුවකු මෙසේ තුවාල සිදුව ඇත.සිසුවා මවත් සමග පාගමින් යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.
කුරුණෑගල ප්‍රදේශයේ සිට කොළඹ දෙසට කදන් සහිත දැව තොගයක් අනාරක්ෂිත ලෙස පටවාගෙන ධාවනය කරමින් සිටියදී එම ලොරි රථයේ අසුරා තිබූ ලී කොටයක් අද වැටී තිබේ.
එම මොහොතේම දරුවා ප්‍රතිකාර සඳහා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට යැවීමට අසල් වැසියන් කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd