(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුඩා දරුවන් දේදනකු අවුරුදු 14 වයස ඇති දියණියට බාර දී මව මැදපෙරදිග රටක ගෘහ සේවිකා රැකියාවකට යාමෙන් පසු එම දරු තිදෙනා කෲරත්වයට පත් කළේ යැයි කියන 47 හැවිරිදි පියා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දරු තිදෙනා ද පසුගිය සිකුරාදා පොලිස් භාරයට ගෙන එම දරු තිදෙනා අද(9) අධිකරණයට ඉදිරිපත් කර පරිවාස භාරයට පත් කිරීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කටයුතු යොදා ගෙන යයි.
පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශය බාරයට ගත් මෙම දරු තිදෙනාගේ සෑම අවශ්‍යතාවයක් ම එම කාර්යාංශයේ පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් විසින් ඔවුන්ගේ පෞද්ගලික වියදමින්ඉටු කරන බව කියති.
දරු තිදෙනා ගේ පියා තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරු තිදෙනා තනි කර මව ඉසුරු සොයා ගිහින්
මොට්ටපාල Monday, 09 October 2023 07:08 AM
මේක මේ පියාගෙ වරදක් කියන්න බැහැ රටේ පාලනය සදහා ජනතාව පත්කර යවන දේශපාලුවො හා උන්ගෙ හෙංචයියො රටට මත්ද්‍රව්‍ය ගෙනවිත් අහිංසක මිනිස්සු රවටා ඒවාට හුරුකිරීම කරනවා ඉතින් මෙහෙම පවුල් අනාතවෙලා රට අගාධයකට වැටෙනවා මේවාට දඩුවම් කරන්න ඕන ඔය වගේ මිනිසුන්ට නොවෙයි කුඩු ගේන ගෙන්වන හා මත්ද්‍රව්‍ය ජාවාරමුන් රකින්න කටයුතු කරන දේශපාලුවන්ට සහ උන්ගේ පක්ෂ නායක නායිකාවන්ටත් ඔවුන් බේරා ගන්න කටයුතු කරන රැකවලුන්ට තමයි
UPALI Monday, 09 October 2023 08:21 AM
බාලවයස්කාර දරුවන් සිටින මවකගේ රැකියාව සඳහා විදේශගත වීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ය. ග්‍රාමසේවකගේ පවුල් පසුබිම් ප්‍රකාශයකින් තොරව කාර්යාංශය ලේඛන අනුමත නොකරයි