IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දර කඩන්න ගිය කොස්තාපල් අතුරුදන්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මන්නාරම පොලිස් භෝජනාගාරයට අවශ්‍ය දර කඩා ගෙන ඒමට අද 19දහවල් කාලයේ මඩු කැලෑවට ටැක්ටර් රථයකින් ගිය පොලිස් කණ්ඩායමක් අතර සිටි පොලිස් කොස්තාපල් අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ මන්නාරම ප්‍රවර්තන අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

මෙම පොලිස් කොස්තාපල්වරයා මඩු කැලෑවේ අතරමං වී ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

දර කඩා ගෙන ඒමට ගිය පොලිස් කණ්ඩායම භාරව සිටි පොලිස් සැරයෙන් සරත් 3339 මහතා විසින් මෙම කොස්තාපල්වරයාගේ අතුරුදන්වීම වීම  සම්බන්ධයෙන් මඩු පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර ඇත.

කැලෑවේ අතරමං වූ පොලිස් කොස්තාපල්වරයා ගැන පොලිස් කණ්ඩායම හොයා බලා ඔහු හමු නොවීම නිසා මෙසේ පැමිණිලි කර තිබේ.

මඩු පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ මන්නාරම් මූලස්ථාන  පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් ඒ ඒකාබද්ධව කැලෑවේ අතරමංව සිටින පොලිස් කොස්තාපල් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

 



අදහස් (1)

දර කඩන්න ගිය කොස්තාපල් අතුරුදන්

Perera Thursday, 20 April 2023 06:14 AM

මෙතන වෙනත් කතන්දරයකුත් තියන බව නිසැකයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site