IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


’’දයාසිරිට එන්න පුළුවන්: හැබැයි තනතුරු නෑ’’

(සුජිත් හේවාජුලිගේ )

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඕනෑම අවස්ථාවක පක්ෂයකට බාර ගැනීමට සූදානම් නමුත් සභාපති ධූරය සහ ලේකම් ධූරය ඔහුට පිරිනැමීමට බලාපොරොත්තුවක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ එම පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් මෙන්ම අනු සංවිධාන නියෝජිතයන් සමග කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී අද (24) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.

"දයාසිරි කැමතිනම් ප්‍රශ්නයක් නෑ.එයාට ඕනම වෙලාවක එන්න පුළුවන්" යැයිද මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී කීවේය.

දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ට දීර්ඝව කරුණු පැහැදිලි කළේය.

ලබන වසර මැතිවරණ වර්ෂයක් බවත් මැතිවරණයක් හෝ දෙකක් පැමිණිය හැකි හෙයින් කල් තියා ඒවාට සූදානම් වන්නැයි ඉල්ලා සිටින බවත් පක්ෂ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක සහ ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුද සහභාගිවූහ. 



අදහස් (9)

’’දයාසිරිට එන්න පුළුවන්: හැබැයි තනතුරු නෑ’’

chnadrani Sunday, 24 September 2023 10:54 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් එක්ස්පයර් වෙලා අවසන්. මේ නාකි මරුන එකාට පන දෙන්න හදනවා.

:       0       2

Sanka Monday, 25 September 2023 12:11 AM

ගිලෙන නැවට නගින්න කවුද එන්නේ?

:       0       1

Abaran Monday, 25 September 2023 02:19 AM

උන්නැහේ හිතාගෙන ඉන්නේ ඊළඟ ඡන්දෙදි ශ්‍රීලනිප දිනයි කියලාද? කැට තියලා කියන්න පුළුවනි, ජාතික ලැයිස්තුවෙන් එකක් විතර ලැබෙයි කියලා. ඒක බෙදාගන්න විදිහ දැන්ම තියා කතාකරගන්න...

:       0       4

chandima Monday, 25 September 2023 04:56 AM

රට වැටිලා ඉන්න ප්‍රපාතයෙන් ගොඩ එනවා වෙනුවට මේ අය චග්ගුඩු පනිනවා.

:       0       3

සල්ලි Monday, 25 September 2023 07:31 AM

මේවා මිනිස්සුන්ගේ ඔලුවට බලෙන් දාන්නේ ඇයි ?

:       0       1

Nimal Monday, 25 September 2023 07:40 AM

මෛත්‍රීගේ අරමුණු දැන් හොඳාකාරවම පැහැදිලියි. නැගී එන නායකත්වය මුලිනුපුටා පක්ෂය තවත් විනාශ කරන්නයි හදන්නේ... පුහු මාන්නයෙන් හිස උදුම්මාගෙන. රට කාලා දැම්මා මදිවට පක්ෂයත් වනසනවා.

:       0       4

Bunny Preena Monday, 25 September 2023 08:54 AM

ඔබතුමාත් ඔය තනතුරේ හිටියා ඇති... නව යෞවනයෙකුට ඉඩ දෙන්න. තණ්හාය ජායතී සෝකෝ...!!

:       0       3

nedakingonaa Monday, 25 September 2023 09:14 AM

ලැජ්ජයි යකෝ... මේ නාටකය... චික් විතරක්...!

:       0       4

sarath Monday, 25 September 2023 03:28 PM

දයාසිරිට පක්ශයෙ සහ රට තුල ඔබට වැඩිය ජනතාප්‍රසාදයක් තිබෙනව , නමුත් මෙඩදාපාර ‌දෙන්නටම පාර්ර්ලිමෙන්තු එන්න ලබෙන එකක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 97 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site