IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


දයාසිරි වතු සමාගම් වල ලාභ සභාගත කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

වතු සමාගම් හැම එකක්ම බිලියනයකට  වඩා ලාභ ගත් ආයතන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

"මම ඒ ලාභ පිළිබඳ ලේඛනයේ සභාගත කරනවා.මේ ලාභයෙන් බිලියන පහ, හයක් කිසි ගැටලුවකින් තොරව වතු කම්කරු ජනතාවට දෙන්න මේ අයට හැකියාව තියෙනවා.හැබැයි ඔවුන් ඒක දෙන්නේ නෑ.ඒ වෙනුවට ලාභාංශ උපරිම කරගෙන වැඩ කටයුතු කරනවා.

ඩිජිටල් හැදුනුම්පත සම්බන්ධව ගහපු ගිවිසුම් ගැන අපට පැහැදිලි කිරීමක් අවශ්‍යයි.පාර්ලිමේන්තු  සේවකයන් ගැන ජනතා විමුක්ති පෙරමුණේ උදවිය අතීතයේ බොහෝ සෙයින් කතා කළා.ඔවුන් උදේ සිට රෑ වනතුරු කැපවී සේවය කරනවා.විශේෂයෙන් මේ කාලයේ ඔවුන් කඩි ගුලක් වගේ වැඩ කරනවා.මේ පාර්ලිමේන්තුවේ ඔවුන්ට සලකන ක්‍රමයක් තිබුණා.අද ඒ ක්‍රමය නැති කරලා තියෙන්නේ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (3)

දයාසිරි වතු සමාගම් වල ලාභ සභාගත කරයි

නාරත් ගුණවර්ධන Sunday, 16 November 2025 10:19 AM

වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම අත්‍යාවශ්‍ය කාරණයක්. නමුත් පුද්ගලික කළමනාකාරිත්වයක් සහිත වැවිලි සමාගම් වලට රජයෙන් රුපියල් 200 ක් ගෙවීම සාධාරණද? රජය මගින් පාලනය වන වැවිලි සමාගම් 1. හලාවත වැවිලි සමාගම (මුදල් රජය මගින් භාණ්ඩාගාරයෙන් ගෙවීම සාධාරණ නැත. අධික ලෙස ලාබ ලබන ආයතනයකි) 2. කුරුණෑගල වැවිලි සමාගම (මුදල් රජය මගින් භාණ්ඩාගාරයෙන් ගෙවීම සාධාරණ නැත. අධික ලෙස ලාබ ලබන ආයතනයකි) 3.ඇල්කඩුව වැවිලි සමාගම ඔව් රජය මගින් ගෙවීම සාධාරණ ලෙස පිළිගත් හැක.. මීට අමතරව 1.රාජ්‍ය වැවිලි සංස්ථාව 2. ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඔව් රජය මගින් ගෙවීම සාධාරණ ලෙස පිළිගත් හැක. නමුත් පහත වැවිලි සමාගම් සහ එම සමාගම් පාලනය කරනු ලබන මවු සමාගම් බලන කල රුපියල් 200ක් මහජන බදු මුදලින් ගෙවිය යුතු ද යන්න බරපතල ගැටලුවක්ව පවතියි. 1. මව් සමාගම - බ්‍රවුන්ස් ප්‍රධාන කොටස් හිමියා - ඉශාර නානායක්කාර මහතා (ලංකාවේ අන්ක එක ධනවතා) වැවිලි සමාගම් *මතුරට වැවිලි සමාගම *පුස්සැල්ලාව වැවිලි සමාගම *හපුගස්තැන්න වැවිලි සමාගම * උඩුපුස්සැල්ලාව වැවිලි සමාගම 2.මවු සමාගම - හෙලීස් ප්‍රධාන කොටස් හිමියා - ධම්මික පෙරේරා මහතා (ලංකාවේ අංක දෙක ධනවතා)...

:       1       15

Podieka Sunday, 16 November 2025 12:29 PM

එහෙනම් අපි එයාලත් ඔයා ගත්තා වගේ ජනාධිපති අරමුදලෙන් ගාණක් දෙමු නේද රිලාසිරි...?

:       9       12

ලූට මූස් Sunday, 16 November 2025 12:35 PM

ඉතිං ඔහෙලාගේ කාලේ ඒක නොකලේ මොකද?

:       8       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 7 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 855 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site