(ඩයනා උදයංගනී)
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා මීට දෙසතියකට පමණ පෙර කුරුණෑගල හෙට්ටිපොල පිහිටි සිය කාර්යාලයේදී හමුවූ පිරිසක් අතර සිටි තිදෙනකුට කොවිඩ් ආසාදනය වීම නිසා ඔහු ද පී.සී.ආර් පරීක්ෂණයක් කරගෙන ඇත.
එහිදී ජයසේකර මහතා ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දයාසිරි ජයසේකරට කොරෝනා
Channa Dewamithra Friday, 08 January 2021 06:20 AM
ඉක්මන් සුවය පතමි මැතිතුමණි..!!!
lakvidu Friday, 08 January 2021 06:31 AM
ඔහුත් පැණි බිව් බඹරෙක්ද? කෙසේ වුණත් ඔහුටත් අන් සැමටත් ඉක්මන් සුව පතමු.
කුමාර Friday, 08 January 2021 06:36 AM
මෙතෙක් කල් බලාපොරොත්තුවෙන් සිටි ඒ පුවත අසන්නට ලැබුුණු වගයි. තව 224යි... ඔහොම යං...
Suranjith Friday, 08 January 2021 07:08 AM
අයියෝ පාර්ලිමේන්තුවේ බෝවීම පටන් අරන් තියෙන්නේ වැරැදි මන්ත්‍රීන්ගෙන්නේ.
kamalFriday, 08 January 2021 09:57 AM
අපිට නම් ඔක්කොම වැරැදි මන්ත්‍රීන්ලා.. එහෙනම් ඔක්කොටම හැදේවි...!!!
Raveendra Friday, 08 January 2021 07:28 AM
බුදු අම්මෝ... ඇඟ කිලිපොලා යන ලොමු ඩැහැගන්වන සුළු ත්‍රාසජනක ප්‍රවෘත්තියක්නේ මේක. මිනිස්සුන්ට ලෙඩක් හැදෙන එක අරුමයක් වූ මොවුන්ට නොබෙල් ත්‍යාගය ලබාදිය යුතු යයි අපගේ අදහසයි.
රට වැසියාFriday, 08 January 2021 08:31 AM
සහතික ඇත්ත - රටේ ඕනැම වැසියෙකුට කොරොනා වයිරසය වැළඳිය හැකියි. ඒක දයාසිරි ජයසේකරට විතරක් විශේෂයක් නැ! - මෙවැනි දේවල කිසිම අගයක් නැ! - ධනපාල බාස්ගේ පැණිය පානය කල කෙනෙකුට කොරොනා වැළඳුනා කියන එක නම් ප්‍රවෘත්තියක්...
sharm warn Friday, 08 January 2021 07:30 AM
මම බලාගෙන ඉන්නේ බැසිල්ට පොසිටිව් වෙනවද කියලා. එන්නතක් විදගෙන උන්නාට.. කළා නම් ඵලදෙන වෙලාවකුත් එන්න ඕනෙ නේ... යුක්රේන් මිනිස්සු ගෙන්නලා රටේ බෝවෙන හැටි බලන්න පරීක්ෂණ කරන්න තරම් අමානුෂික කම් නේද?
banda Friday, 08 January 2021 09:50 AM
පැණි බීපු සෙට් එකටම මෙහෙම වෙයිද?
kamal Friday, 08 January 2021 09:59 AM
ඒකනේ කිව්වේ මේ අවුරුද්ද ලංකාවට ඉතාම හොඳ වෙනවා කියලා. දැන්මම පටන් අරන්... අනේ සාදු..!!! අනේ සාදු...!!!
පිටිගල මිලානෝ Friday, 08 January 2021 11:11 AM
මී වදයකි.., ජීවිතේ සින්දුවත් කියාගෙන පැණි ෂොට් එකකුත් ගහලා පාර්ලිමේන්තුව අස්සටම වෙලා ඉන්න. මේ පළාතක එන්න එපා.