(යොහාන් භාසුර)
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉන්ධන ආනයනය පිළිබඳව ඊයේ කළ ප්‍රකාශය තරගයේ ප්‍රතික්ෂේප කරන බවත් ඒ මහතාට එරෙහිව නීතිමය කටයුතු කරන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයේ සියලු කරුණු අසත්‍ය සහ පදනම් විරහිත මෙන්ම ජනතාව තුළ වෛරයක් ඇති කිරීමට කළ ඒවා බවත් එම සංස්ථාව ඉන්ධන ආනයනයේදී සෑම විටම ටෙන්ඩර් පටිපාටිය සහ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමන කරන බවත් ඛනිජ තෙල් සංස්ථාව කියයි.
ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් පැවැත්වෙන ඕනෑම පරීක්‍ෂණයකදී හෝ නීතිමය කටයුත්තකදී කරුණු පැහැදිළි කිරීමට සූදානම් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව එම නිවේදනයෙන් වැඩි දුරටත් අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරේ නම් ඇතිවෙන්න දයාසිරි ඕනේ නෑ. අපි දයාසිරිටත් වයිරයි. උපයෝගිතා කොමිසමේ සබාපතිටත් නඩු දානවා කිවා තෙල්වල සල්ෆ වැඩිපුර ගෙනත් මහජන මුදල් කාබාසිනියා කරා කියලා එලි කළාට.. දැන් වැඩේ ඇත්ත බව එලි වුනාම කාංචන ගලේ පැහැරූ බලලා සේ ඉන්නවා. පුලුවන්නම් දාපල්ලා නඩු කවුද හොරු බලමු. මේවා ම්නිස්සුන්ට අමතකවෙනකන් විතරක් ඔය පම්පෝරි . අන්තිමේදී දයාසිරිත් අතැරලා දානවා. මාද්යත් අතාරිනවා මිනිස්සුත් අතාරිනවා එහෙම ජාතියකට හිමි විනාසය මිසක් වෙන මොනවත් නෑ.
දයාසිරිලා වගේ මිනිස්සු කියන දේවල තාරබර ඇරලා තමයි බාරගන්න ඕනේ. සමහර කතාවල තාරබර ඇරියාම ගත යුතු දෙයක් නැත.
සිපෙට්කෝ කවදද ඇත්ත කිව්වේ. කවදද රටට හිතකර දෙයක් කලේ.තම බඩ වඩාගැනීම හැර වෙන කිසිම දෙයක් කල වෘත්තීය සමිතියක්වත් සිපෙට්කෝ තුල නැත.
මේ තෙල් සංස්ථාව පුද්ගලික අංශයට විකුනලා දමන්න.මේකේ මාසෙන් මාසේ වෙන වැඩ දැක්කම ලේ කෝප වෙනවා. පාඩු වෙන එකෙත් සීමාවක් නැහැ .මේක අපට දරාගන්න බැහැ
මේවගේ මිනිස්සු කියන දේවල් තාරබර ඇරලා තමයි බාරගන්න ඕනේ. සමහර කතාවල තාරබර ඇරියාම ගත යුතු දෙයක් නැත...