(සමන් පාලිත නානායක්කාර)
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දියතලාවේ පැවැති නිරෝධායන මධ්‍යස්ථාන හතරම මේ වන විට හිස්ව පවතින බව දියතලාව යුද හමුදාව පවසයි. දියතලාව හමුදා නිවාඩු නිකේතනය කඳවුරේ සිටි අවසන් 33 දෙනා අද (3) දින සිය ගම්බිම් බලා පිටත්ව යෑමත් සමග කඳවුරු ගතව නිරෝධායනය වූ සියලුම දෙනා පිටත්ව ගොස් තිබේ.
විටින් විට පැමිණි කණ්ඩායම් මෙම මධ්‍යස්ථානවල දී දින 14 ක කාලයක් නිරෝධායනය වූහ. එහිදී අවශ්‍ය සියලු පහසුකම් යුද හමුදාව සපයා දී තිබුණි. මේ වනවිට එම කඳවුරු හතර තුළ නිරෝධායනය වූ පිරිස 479 ක් වූ බව දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරියෙක් පැවසීය.
චීනයේ වූහාන් වල සිට පැමිණි ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සිසුහු 33 දෙනා දියතලාවේ නිරෝධායනය වූ මුල්ම පිරිස වූහ.
දියතලාව යුද හමුදා රෝහල, කහගොල්ල ලටෙක් ඉංජිනේරු කාර්මික ආයතනය, දියතලාව ගැමුණු හේවා බලඇණිය, යුද හමුදා නිවාඩු නිකේතනය නිරෝධායන කඳවුරු ලෙස පවත්වාගෙන ගිය අතර එම හතරම මේ වන විට හිස පවතින බව දිය තලාව යුද හමුදා කඳවුරේ උසස් නිලධාරියෙක් පැවසුවේය.
කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කා
ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරම දැන් හිස්
jayath Friday, 03 April 2020 07:29 AM
අහන්නත් සතුටුයි !
Kumara Friday, 03 April 2020 11:23 AM
නරකද 225ම බැස්සුවොත්?
jayath Friday, 03 April 2020 02:25 PM
ෂා... අපරාදේ අපි කොහොමද ආණ්ඩුවට බනින්නේ? මම කොහොමද ලෙඩ්ඩුන්ට ක්ලෝරෝ කුවිනීන් දෙන්නේ ?