(ප්‍රසන්න පද්මසිරි සහ පැතුම් දර්ශන)
ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල මැදවච්චිය වැවේ දිය නාමින් සිටි සිසුන් සිව් දෙනෙකු අද (19) දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තවත් තිදෙනෙකු ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය කීය.
මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල හාලිඇල විද්‍යා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිසුන් පිරිසක් බව පොලිසිය පැවසීය.
මෙම සිසුන් පිරිස ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා ගොස් ඇති අතර ගැහැණු ළමුන් 48 දෙනෙකු සහ පිරිමි ළමුන් 45 දෙනෙකු මෙම චාරිකාවට සහභාගී වී ඇති බව පොලිසිය කීය.
දින දෙකක අධ්‍යාපන චාරිකාවේ පළමු දින රාත්‍රීයේ නවාතැන් ගැනීම සඳහා ගෝමරන්කඩවල මැදවච්චිය විහාරස්ථානයට මෙම පිරිස සවස 4.00ට පමණ පැමිණ ඇති බව පොලිසිය සඳහන් කළේය.
සවස 6.00 ට පමණ මෙම සිසුන් පිරිස විහාරස්ථානය අසල ඇති වැවට දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුවී තිබේ.
මියගිය සිසුන්ගේ සිරුරු මේ වනවිට ගෝමරන්කඩවල රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පැවසීය.
ඡායාරූප - පාලිත ආරියවංශ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දරුවනේ පීනන්න බැරිනම් වතුරට බැස්සේ, අම්මා තාත්තට මොන තරම් දුකක් ද.?
පව් අහිංසක දරුවෝ. දෙමාපියන්ට ගුරුවරු මුහුණ දෙන්නේ කොහොමද. දරුවෝ ගැන වගකීමක් නැතිව ගුරුවරු මක් කළාද? නොදන්නා වැවකට දරුවන් මෙහෙම නාන්න යවන්න කලින් දෙපාරක් හිතන්න තිබුන නේද? දෙමාපියන් කොහොම ඉවසන්නද? දරුවනේ ඔබලාට නිවන් සුව!
මේ ළමයි වැවට බහිනකම් ගුරුවරු ටික කොහෙද හිටියේ. තරුණ ජීවිත නිකරුනේ නාස්තිවෙනවා. රටේ සිංහලයෝ වද වෙන එක අහන්න දෙයක්ද.
මේ මරණ වල සම්පූර්ණ වගකීම මේ අයව අරගෙන ගිය ගුරුවරු ගන්න ඕන. ඔතන මොලේ තියෙන ගුරුවරු හිටියේ නැත්ද මේ අහිංසක පැටව් ටික නවත්ත ගන්න ?
තරුණ ජීවිත 4ක් රටට විශාල පාඩුවක්.