
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
කටුවැල්ලේගම ප්‍රදේශයේ ඇළ මාර්ගයක දියනෑමට ගිය දහනව හැවිරිදි තරුණයකු ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔහු සමග දිය නෑමට ගිය සෙසු තරුණයින් දෙදෙනා ගෙන් ප්‍රශ්න කරන බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ කටුවැල්ලේගම පලුගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි පසිඳු සිල්වා නැමැති තරුණයෙකි.
තරුණයින් තිදෙනා ඊයේ ( 9 ) පස්වරුවේ මෙම ඇළ මාර්ගයේ දිය නෑමට ගොස් ඇතැයි ද අනතුරුව දෙදෙනෙකු පමණක් ආපසු පැමිණ ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත .
තරුණයා අතුරුදන් බවට තොරතුරු ලද පසු ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂාකිරීම දී තිදෙනා දිය නෑමට යන බවක් ආපසු පැමිණ ඇත්තේ දෙදෙනකු පමණක් බවත් හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි .පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වල දී සෙසු තරුණයින් දෙදෙනා මිතුරා දියේ ගසාගෙන ගිය බව පවසා ඇතත් ඒ බව කලින් හෙළි නොකිරීම ගැටලු සහගත තත්ත්වයක් බවද පොලිසිය සඳහන් කරයි.
මේ වන විට ප්‍රදේශවාසීන් අතුරුදන් තරුණයා සේවීමේ කටයුතුවල නියැලුණු අතර නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් යොදවා පරික්ෂා කිරීමට කටයුතු කරන බව ද පොලිසිය කීය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුතුම තාලේ යාළුවෝ දෙන්නෙක්... යාළුවා කියන වචනයට අලුතින් අර්ථකථනයක් දෙන්න වෙයිද දන්නේ නෑ...