(එෆ්.අස්ලම්)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කරන ලද ආකාරය හා ධූරයේ සිටි අග්‍රාමාත්‍යවරයෙකු පහකළ අකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වීමත් එය ප්රජාතන්ත්රවාදයට හා පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට හානි වන ක්‍රියාමාර්ගයක් වීමත් මත මෙම තීරණය ගත් බවද එම සන්ධානය අවධාරණය කර සිටියි.
රටතුළ හටගෙන ඇති දේශපාලන අර්බුදය පිළිබද දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම 2 වනදා පස්වරුවේ රැස්ව ගෙන ඇති මෙම තීරණය ප්‍රකාශ කරමින් නිකුත් කල මාධ්‍ය නිවේදනයෙන් මේ බව සදහන් කර සිටියි.
එමෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති පුද්ගලයෙකු අග්‍රාමාත්‍යවරයා වශයෙන් ප්‍රකාශ කර බහුතරය පෙන්වීම සදහා අමාත්‍යධූර හා මුදල් අල්ලස් වශයෙන් ලබාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම පිළට එක්කර ගැනීමද ප්රජාතන්ත්රවාදී ක්‍රියාවක් නොවන බවත් තම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතාද එම කුමන්ත්‍රණයට හසුවීම දැඩි සේ හෙලා දකින බවත් දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර සිටියි.
මෙම හේතුන් මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැඩි ලෙස උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස අග්රාමාත්යධූරයට පත්කර සිටින මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට පක්ෂව දෙමළ ජාතික සන්ධානය ඡන්දය ලබාදෙන බවත් මෙවන් අවස්ථාවක මධ්‍යස්ථව සිටීම අරාජිකත්වය ජයගැනීමට ඉඩදෙන ප්රජාතන්ත්රවාදී නොවන ක්‍රියාවක් යන්න දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බවත් එම සන්ධානය සිය මාධ්‍ය නිවේදනය තුළින් අවසන් වශයෙන් අවධාරණය කර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාවගෙන් හොරා කාපු මුදල් කෝටි ගණන් අල්ලස් දීලා බහුතරය හදාගෙන පිහිටුවන ආණ්ඩුවත් හරියට පාතාලය වගේ තමයි. ජාත්‍යන්තරය පවා හිනාවෙනවා මේ තුට්ටු දෙකේ වැඩ නිසා...
දැන් නියමයි ජනපතිට දෙවි පිහිටයි... මහින්දට අබ සරණයි.
වාසි පැත්තට හෝයියා... කීයක් දුන්නාද දන්නේ නෑ...
එස්. වියාලේන්ද්‍රන්ට මල්මිටක්... අනිත් අයට ගල් මුල් හා කොටි කොටි.. කියා පට්ට ගසයි...
එක එක්කෙනා පනින්න පටන් ගත්තාම බය හිතිලද දන්නේ නැහැ. සිවශක්ති ආනන්දන් පැන්නා විතරයි "සල්ලි පොදිය කිහිල්ලේ ගහගෙන දෙමළ සන්ධානයේ කට්ටියක් හෙට යනවා අනිද්දා යනවා කියලා බොරු පතුරුවනවා " කියල යාපනය දිස්ත්‍රික්කයේ පී.සරවනභවන්, ටී.සිද්ධාර්ථන් ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ශ්‍රීධරන් , මුලතිව් දිස්ත්‍රික්කයේ චාර්ල්ස් නිර්මලනාදන් වගේ අය කියනවාලු.
එපා එපා ඔයාලාගෙ සහයෙන් ආණ්ඩුවක් එපා. නැත්නම් තමුන්නැහැලාගේ පදෙට නටන්න වෙනවා. විශ්වාස භංගයකින් පරදවන්න.. එ්ත් මේක මතක තියාගන්න. ජනතාවගේ විශ්වාසය උපරිමයෙන් අගමැතිතුමාට තිබෙන බව... තමුන්නැහැලාට ව්‍යවස්ථාවේ එක පේළියක්වත් වෙනස් කරන්න බැහැ. මහින්දගේ සහාය නැතිව නුඹලා ජාතීවාදයේ පියවරු ඊලම ගන්න බලං ඉඳපල්ලා.. දෙනවා ඊළමක්...?
ඡන්දයකට යමුකෝ... අැයි බයද? මහින්දත් ඉල්ලන්නේ ඡන්දයක්...
තමන්ගේ වාසියට, තණ්හාවට බලය ගැනීම හොඳ ආදර්ශයක් නෙවෙයි... මේවා හොඳ දේවල් ප්‍රගුණ කරලා අනාගත පරපුරට විනයගරුක රටක් ඇතිකළ යුතුයි. මේ අවස්ථාවාදී නායකයින් ඉතිහාසයේ කණුකූඩෙට වැටෙනවා.
ඔච්චර ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන අයටඡන්දයක් තියන්න බැරි වුනේ මොකද? අනිත් එක ඒ දවස්වල අගමැතිටත් බහුතරය තිබුණෙ නෑනෙ.
පැරදුනත් දිනුම්, දිනුවත් දිනුම්
වහාම ඡන්දෙකට ගිහින්, රටට හිතැති රජයක් සාදාගැනීම රටේ බලාපොරොත්තුවයි
ලෝකේ එකම විපක්ෂේ ආණ්ඩු ආරක්ෂා කරන
හොඳ අරමුණකින් වුණත් මහින්ද මහතාට හෝ කිසිවෙකුට හෝ වැඩක් කිරීමට මෙම ක්‍රමය ඉඩ නොදේ... පූර්ණ බලතල සහිත විධායක ජනපති මේ රටට අවශ්‍ය වේ.
රනිල් දෙමල සන්ධානයට ඔවුන්ගේ පැතුම් සඵල කල විදිහට ඔවුන් රනිල්ව කරේ තියාගෙන උන්නත් මදි. උතුරේ ඉඩම් අක්කර දහස් ගානක් ඉවක් බවක් නැතුව ඔහේ මුදා හැරියා, ජාතික ගීය ඔවුන්ගේ බසින් ගැයෙව්වා, කොටි පවුල් වලට වන්දි දුන්නා, දරුණු ඝනයේ කොටින්ව ඔහේ නිදහස් කෙරෙව්වා. උතුරේ බොදු පුරාවස්තු විනාශ කරන්න ඉඩ දීලා ඒවා මතින් හින්දු කෝවිල් තනන්න දුන්නා. මේ ආදී දහසක් දේවල් ද්‍රවිඩ අන්තවාදී පිරිස්වලට ඉටු කරලා දීපු ඔවුන්ගේ ඉටු දෙවියා වන රනිල්ව ඔවුන් කොහොමත් රකිනවා. ඒ බව නොදැන මහින්ද අගමැතිතුමාට ගරහන්නේ මොළයක් තියෙන අය නම් වෙන්න බැහැ.