(තිළිණි ද සිල්වා)
මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා රජය ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග වලට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සහාය ලබා ගැනීමට එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව කටයුතු කරමින් සිටින බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ඒ අනුව බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර මූලික කර ගත් ගෝලීය දෙමළ සංසදය, වි.රුද්‍රකුමරන් ගේ නායකත්වයෙන් යුත් දෙමළ ඊලාම් සංක‍්‍රාන්ති ආණ්ඩුව මෙලෙස ලංකාවට එරෙහිව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සහාය ලබා ගැනීමට කටයුතු කරමින් සිටී.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට වූ පොරොන්දු ඉටු නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට විරෝධය දැක්වීම සඳහා දෙමළ ගෝලීය සංසදය හා දෙමළ සංක‍්‍රාන්ති ආණ්ඩුව නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ඉකුත්දා එරට පාර්ලිමේන්තු කමිටු කාමර 10 දී බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සොයිබන් මැක්ඩොනාහ් හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි ද තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම සාකච්ඡාවට ගෝලීය දෙමළ සංසදයේ එස්.යෝගලිංගම් , දෙමළ ඊළාම් සංක‍්‍රාන්ති ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන අම්බානි සීවරත්නම් ද සහභාගි වී ඇති අතර දෙමළ ඊලාම් සංක‍්‍රාන්ති ආණ්ඩුවේ අගමැති යැයි පවසන වී. රුද්‍රකුමරන් ස්කයිප් වීඩියෝ තාක්ෂණ ඔස්සේ සම්බන්ධ වී ඇතැයි පැවසේ.
මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා රජය විසින් ලබාදුන් පොරොන්දු මේවන විට ඉටු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන් බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරයා සමඟ දීර්ඝ සකච්ඡා පවත්වා ඇතැයි එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න කියන්න සහය..., එදාට අපිත් බ්‍රිතාන්‍ය තානාපතිගේ කාරෙකේ හුළං අරිමු ආයෙත්...
සහය යන්න දෙයක් නැහැ. පාර්ලිමන්ට් එකේ සහය දැනටමත් දීලා ඉවරයි. සිංහල කෙනෙක් හැටියට හිනිහා ඔය ගැන කිසිම සද්දයක් නැහැ.
ලංකාව පාලනය වෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන්ද? brexit එකෙන් බ්‍රිතාන්‍ය ආර්ථිකයට පොඩි පොඩි ගැටළු ඇවිල්ලා තියෙන්නේ. අායෙත් දෙමල කට්ටිය ඉස්සරහට දාල ලංකාව බිල්ලට ගන්නද හදන්නේ? බ්‍රිතාන්‍යයේ රූපවාහිනී නාලිකා හදන documentary එකත් එක පැත්තකට බර කිසිම සමබරතාවයක් නැති වැඩසටහන්... බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවයි, දෙමළ ඩයස්පෝරාවයි හරියට නිකන් එකසත් ජාතික පක්ෂයයි, ටී.එන්.ඒ. එකයි වගේ. 19 වෙනි සියවසේ ඉඳන් ලංකාව පාලනය කරන්න දෙමළ ජනතාවට ලබාදෙන්න බැරි බොරු පොරොන්දු දීලා, දැන් ඒක ලංකාවේ මුළු ජනතාවම දන්නා රහසක් වෙලා.
අපේ ලොක්ක දැනටමත් සහයෝගය දීලා තිබෙන්නේ.
ඔය එක දෙයක් වත් වෙන්නේ නෑ. බටහිර රටවල් වල සරනාගතයෝ කියාගෙන ගියපු පිරිස් ඉන්නවා. ඔවුන් කාලෙන් කාලෙට ඔය එක එක වැඩසටහන් කරනවා සරනාගත කම නැති වෙලා ආයෙත් යන්න වෙයි කියලා තියෙන බයට.