(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂය සමඟ රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති වීමට දෙමළ ජාතික සන්ධානයේ සහය පළ කලේ කිසිදු ගිවිසුමකින් තොරව යැයි ද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ගත් පියවර හෑල්ලූවට ලක් කරමින් එක්සත් ජාතික පෙරමුණ සමඟ රහස් ගිවිසුම් ඇති බවට දිගින් දිගටම චෝදනා කිරීමට පටන් ගෙන ඇතැයි සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.
මෙම තත්වය දිගටම ක්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්රමුඛ පොදුජන පෙරමුණේ දේශපාලන නායකයින් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කර දීමට එකඟත්වය පල කළ ඒවාද ප්‍රසිද්ධියට පත් කරන බව කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හැමදාම කියනවා වගේ නිල් කොළ රතු මේ පක්ෂ හැමදාම කලේ සුළු ජාතින් පිනවා ශ්‍රී ලංකාවේ ජාතිය ආගම විනාශ වෙන දේවල්
පොදු ජන පෙරමුණේ වැඩ ඔන්න ඔහොමයි එහෙනම්. අනේ අපිව රවට්ටන්න හොඳ මුණ පෙන්නගෙන යටින් කරන වැඩවල හැටි!.
අති විශිෂ්ටයි....
දැන් ඉතින් රෙදි ඇඳගෙන යන්නේ කොහොමද?
එක තමයි වෙන්න ඕනි............. ජනතාව විදියට අපිත් මේවා දැනගන්න ඕනි පක්ෂ භේදයෙන් තොරව.
ඔය එන්නේ එලියට, දැන් ඉතින් කට පරිස්සම් කරගෙන ඉඳීවි, කට හින්ද නහිනවා කියල අහල තියෙනවද?
බොහොම හොදා. ඉතින් කරන්නකෝ.
ඔය එන්නේ එලියට ? දැන් මොකද කියන්නේ මේවා ඩීල් නොවේද ? කෝ අර මහා දේශප්‍රේමී වංස ?
දේශප්‍රේමින් යයි තමන්ව තමන්ම කියා ගන්නා අයට නියම කනේ පහරක්.
කොට්ටෝරුවා කෙහෙල් ගහට ඇනලා.....
අපිනම් ඕක දැනගෙන හිටියා.
මහජනතාවට ඇත්ත දැනගැනීමට අයිතියක් තියනවා. වහාම හෙළිකරන්න. නැතහොත් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සිදුවේවි.
හලෝ සම්පන්තන් ජේවීපියත් කියයි අපිටත් මුදල් ඇමතිකම දෙන්න ලෑස්ති උනා කියලා. එමනිසා ඔය කතා විස්වාස කොරන ගොබ්බ සෙට් එකටම ඕවා කියන්න...
කරුණා කරලා සත්‍ය රටට හෙළි කරන්න ...එ .ජා .ප . ය සමග ගිවිසුමක් තිබේනම් එය නිවැරදිව හෙළිකරන්න ...නැත්නම් පොදුජන පෙරමුණ (මල් පොහොට්ටුව ) ඔබ තුමන් ලා සමඟ එකගත්වය පළකර ඇතිද ඒ දේවල් දැන් මුළු ලෝකයේම විශාල කුතුහලය සැකය බරපතලයි කරුණාකර සත්‍ය රටේ ජනතාව හමුවේ ප්‍රකාශ කරන්න මේ අවුල ලිහන්න එය ඔබලාගේ යුතුකමක් සහ වගකීමක් ...!!!
කරුණාකරලා සත්‍ය රටට හෙළි කරන්න. එජාපය සමග ගිවිසුමක් තිබේනම් එය නිවැරදිව හෙළිකරන්න. නැත්නම් පොදුජන පෙරමුණ පොහොට්ටුව ඔබතුමන්ලා සමග එකගත්වය පළකර ඇතිද ඒ දේවල් දැන් මුළු ලෝකයේම විශාල කුතුහලය සැකය බරපතලයි කරුණාකර සත්‍ය රටේ ජනතාව හමුවේ ප්‍රකාශ කරන්න මේ අවුල ලිහන්න එය ඔබලාගේ යුතුකමක් සහ වගකීමක් ...!!!
අනේ නිකං ඉන්න මහත්තයෝ. අපි ඔයා ගැන දන්නවා. ඔයා කියන කිසිම දෙයක් අපි පිලිගන්නේ නැහැ.
අනුවණ සිංහලුන්ට හොඳයි ඔය කතා.... අපි නොදන්න ටී.එන්.ඒ...
අනේ සාදු දැන් මොකද විමලෝ?
සිංහලයිනි, පක්ෂ, පාට එපා... පේනවා නේද වෙන දේවල්? කාටවත් වදින්නේ නැතිව පිරිසිදු තනි පක්ෂයක් ඇතිව රජයක් පිහිටුවා ගන්න ඕනෑ, රටේ වැදගත් තීරණ වෙනුවෙන් වැඳ වැටෙන්න ඕනේ සුළුතර පක්ෂ වලටද? සිංහලයාට මේවා වැටහෙන්නේ නැත්තේ ඇයි?
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු.
ඔව් ඔව් එලි කරන්නකෝ... අපි ඔබතුමාව හොදටම විශ්වාස කරනවනේ.....
නාමල් කුමාරයා වගේ අය රට වෙනුවෙන් දිවිපුදනවා.
අනතුරු ඇගවීම් එපා සත්‍ය එලි කරන්න ...