
(ඩයනා උදයංගනී)
බවුසර් වෙනුවට දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීම ඉහළ නැංවීමෙන් ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම මේ වසරේ මුල් මාස හතර තුළ රුපියල් කෝටි 7කට (රුපියල් 68,273,400) ආසන්න මුදලක් ඉතිරි කරගෙන ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.
මෙම වසරේ මුල් මාස හතරේදී දුම්රිය මගින් සිදුකළ ඉන්ධන ප්‍රවාහනය වෙනුවෙන් රුපියල් කෝටි දහතුනකට අධික මුදලක් (රු 135,782,298) ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදී ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
බවුසර් මගින් ඉන්ධන බෙදාහැරීමේදී සිදුවන පිරිවැය අධික වීම, පරිසර දූෂණය සහ වාහන තදබදයට පිළියමක් ලෙස දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය ඉහළ දැමීමට බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා තීරණය කර තිබිණි.
ඒ අනුව මෙම වසර වන තෙක් සියයට 30 ක් වූ දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය සියයට 60 දක්වා වර්ධනය කිරීමට අමාත්‍යවරයා ප්‍රතිපත්තිමය තීරණයක් ගත් තඅර මේ වන විට ඉන්ධන බෙදාහැරීම සඳහා දුම්රිය භාවිතා කිරීම සියයට 38 දක්වා ඉහළ නැංවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඉතිරිය ඊට වැඩියි. ඇයි මහ මග ට්‍රැෆිත් අඩුවීමේ වාසිය?
දැක්මක් සහිත ඇමතිවරයෙක්ට පුලුවන් රට ගොඩ දාන්න.... ඉතා හොද තීරණයක්....
මෙහෙම තමයි තිබුනෙ. බ්‍රවුසර් මාෆියාවට යටවෙලා කලින් ආණ්ඩු සේරම රජයට ලැබෙන ආදායම් අහිමි කරගත්ත. මේක වුණත් කොපමණ කලකටදැයි දන්නේ නැත.
එහෙනම් දැන් අපිට අඩුමිලට ඉන්ධන දෙනවද?
අගය කළයුතු වැඩක්. රටක් දියුණු කරන්න නම් මෙවැනි තීරණ ගතයුතුයි.