IMG-LOGO

දුම්රියත් නවතින ලකුණු

(යොහාන් භාසුර)

ඉන්ධන නොමැතිවීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවීම නිසා ඉදිරියේ දුම්රිය ධාවනය ද අඩාල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා නිවේදනය කරයි.

ඇතැම් රාජ්‍ය සේවකයන්ට ඉන්ධන ලබාදීමට පහසුකම් සලසා තිබුණ ද සියලුම පාර්ශවයන්ගේ අත්‍යාවශ්‍ය සේවාවක් වන දුම්රිය සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම පිළිබඳව කණගාටු වන බවත් පොදු ප්‍රවාහනයේ වැඩි කොටසක් ආවරණය කරන දුම්රිය සේවකයන් සම්බන්ධයෙන් මීට වඩා සොයා බලා කටයුතු නොකරන්නේ නම් දුම්රිය ධාවනය ඉදිරියේ අතරමග නතර වනු ඇති බවත් කසුන් චාමර මහතා කීය.

‘කොවිඩ්’ සමයේ පැවති පරිදි සතියට වරක් සේවා ස්ථානය  සඳහා කැදවීම හරහා මෙම ඉන්ධන අර්බුදය හමුවේ අප සේවකයන් වෙත සහනයක් ලබා දෙන ලෙස ද ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය. 



අදහස් (4)

දුම්රියත් නවතින ලකුණු

Kumara Sunday, 26 June 2022 06:28 PM

බොහොම හොඳයි සර්..!

:       2       13

Saman Sunday, 26 June 2022 06:59 PM

ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුවේ වාහන යවලා හරි මේ අය වැඩට ගෙන්වන්න...!

:       1       8

pakeer Sunday, 26 June 2022 07:43 PM

මට කියන්න තියෙන ඒවා... මට කියාගන්න බැහැ. ඒ තරමට මගේ කෝපය වැඩියි..

:       1       13

ganegoda Sunday, 26 June 2022 08:07 PM

තව අවුරුද්දක් ඇතුළත මේ සියලු දේවල්ම ගරා වැටිලා සුන්බුන් බවට පත්වෙනවා.

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 69 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site