(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය 2021 වසරේ රුපියල් බිලියන 10 ක් හෙවත් රුපියල් කෝටි 1000 ක පාඩුවක් ලබා ඇතැයි දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පසුගිය වසරේ වියදම රුපියල් බිලියන 14 ක් හෙවත් රුපියල් කෝටි 1400 ක් වුවද ආදායම බිලියන හතරක් හෙවත් රුපියල් කෝටි 400 පමණ වී ඇති බව කී සාමාන්‍යාධිකාරීවරයා දුම්රිය ගාස්තු වැඩි කිරීමකින් තොරව පාඩු පිළිබඳ කතා කිරීම එතරම් සාධාරණ ක්‍රියාවලියක් නොවන බව ද සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තුමේන්තුව මීට පෙර වසරවලදී රුපියල් බිලියන 8 ක පමණ ආදායමක් ලැබූ බවත් කොරෝනා තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ ආදායම අඩුවී ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා කීය.
බස් ගාස්තු වරින් වර ඉහළ දැමූව ද 2018 වසරේ ඉතා සුළු ප්‍රමාණයකින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමෙන් පසු මේ දක්වා දුම්රිය ගාස්තු ඉහළ දමා නොමැති බවත් බස් ගාස්තු සහ දුම්රිය ගාස්තු සමාන කළහොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ලාභ සහ අලාභ පිළිබඳ කතා කිරීමට සූදානම් බවත් දුම්රිය සේවාවක් ලෙස පවත්වාගෙන යන්නේ නම් ලාභ හෝ අලාභ පිළිබඳ කතා කිරීමේ ප්‍රයෝජනයක් නොමැති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටුප් විෂමතා හදන්න කියලා වැඩවර්ජනයක් කෙරුවොත් නරකද දැන්...?
වැටුප්, අතිකාල දීමනා, දුම්රිය ප්‍රමාදයන්, අඩුකරලා කාර්යක්ෂම සේවයක් ලබා දුන්නා නම් හරිනේ... මගියා ගැන තඹේකට මායිම් නොකර තමන්ගේ බූදලය කියලා හිතාගෙන පාඩු වුණාම මිනිස්සු පලිද...? අනික ඔය රටසවාරි ගිහින් ගේන එන්ජින් එහෙම නිරපරාදේ සල්ලි.. ඒවාටත් මිනිස්සුද වග කියන්න ඕනේ... එතකොට රට සවාරි ගියේ මිනිස්සුද? ඕකේ නිලධාරින්ද..?
ඔය ටිකට් දෙන එක නවත්තලා දාන්න. ටිකට් ප්‍රින්ට් කරන එකටයි. චෙකර්ලාටයි යන වියදම ඉතුරුයි. අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දුම්රිය නිකන් දෙන්න බැරි ඇයි...?
ඇත්තටම රජයේ සේවයේ වැටුප් වලට අමතරව දෙන අතිකාල හා වෙනත් දීමනා ගණන් හදලා බලලා එහෙම නොදී හිටියොත් කොච්චර අලාභද කියලා බැලුවා නම් ඒක තමයි නියම අලාභය වෙන්නේ... ඔය ගොඩක් රාජකාරිවලට අතිකාල දීමනා දෙන්නේ ඔරලෝසු වෙලාවට මිසක් සේවයක් ලබා දීම නිසා නෙවෙයි. නවීන තාක්ෂණය යොදා ගත්තාම ගොඩක් සේවාවල සේවක සංඛ්‍යා සහ අනවශ්‍ය අතිකාල දීමනා අඩු කරන්න පුළුවන්. එක් එක් තනතුරෙන් තනතුරට උදාහරණ ඕනෑතරම් දෙන්න පුළුවන්...
අර කුප්‍රසිද්ධ මොල හතාගේ එක මොලයක් මේකට දාන්න බැරි වෙයිද? මේ අය රටම කනවා..
වහාම දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කරනු...!
ඇයි අපි ගමන් කළේ මුදල් නොගෙවාද? පාඩුවුණේ ඔබතුමන්ලා හිතුමතේට ස්ට්‍රයික් කරලා...
ලාබ ලබන්නේ කොහොමද? අද දුවන්න ඕනේ කෝච්චිය හෙට දුවනකොට..
දුම්රිය සේවය ලාභ ලැබිය යුතු නම් ප්‍රථමයෙන් ගුණාත්මක සේවයක් ලබාදෙන්න. ගල්යුගයේ නිපද වූ දුම්රිය එන්ජින් සහ කැරපොත්තන් සපිරි මැදිරි ඇති පණ්ඩිත සේවකයෝ ලණු කැබලිවලින් සිග්නල් දීම අවුරුදු 200ක් පරණ කඩදාසිවලින් අච්චු ගැසූ ටිකට්. අප්පිරියයි මේ සේවය.
‘‘අඟුරු කකා වතුර බිබී, කොළඹ දුවන යකඩ යකා...‘‘ කෝච්චි වතුර දාලා දුවන්න පුළුවන්... එතකොට ඔය පාඩු මකාගන්න පුළුවන්...
ඔය කට්ටියට තව ස්ට්‍රයික් කරන්න කියන්න. හරියට අපි පාඩු කරා වගේ... අපි සල්ලි දිලා ගියේ. ඉස්සෙල්ලා ඔය සේවකයින් ටික හරියට පාලනය කරන්න...
මේ පාඩුවෙන් 50%ක් අඩු කර ගන්න පුලුවන් ක්‍රමවත් සැලැස්මකට වැඩ කලොත්. *.මුලින්ම ටිකට් පරීක්ශාව පුද්ගලික කොම්පැනියකට ලබා දෙන්න. හැකියාව ඇති තරුන පිරිසක් ඔවුන් යොදවාවි. දැන් හොරෙන් යන අය එතකොට හොරෙන් යන්න කලින් දෙපාරක් හිතාවි. *.ටිකට් දෙන එක විධිමත් කරන්න. කාඩ්බෝඩ් ටිකට් එකක් දෙන්න අවශ්‍යම නැහැ. ඕන තරම් ආරක්ශිත මුද්‍රන කඩදාසි තිබෙනවා නේද? ඇයි ඒ වා ගන්න බැරි. මිලත් බොහොම අඩුයි. බස් ටිකට් මැශින් එකක් වගේ ගන්න පුලුවන් ආරක්ශිතව. එතකොට අර ස්ට්‍රයික් කලත් කමක් නැත. *.නඩත්තුව ක්‍රමයෙන් පුද්ගලික අංශයට දෙන්න. එතකොට කාර්යක්ශම මොන අංශයද කියා සැමටම පෙනේවි. *.VRS ක්‍රමයක් හ ඳුන්වා දී වැඩිපුර සේවකයන් ඉවත් කරන්නත් පුලුවන්.