(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 7,000 ක පමණ හිඟයක් පවතින බවත් එම දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩල සමාලෝචනයක් වසර අටකින් කර නොමැති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.
රාජ්‍ය ආයතනය සහ දෙපාර්තමේන්තුවල කාර්යමණ්ඩලය සමාලෝචන සෑම වසර හතරකට වරක්ම කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණයෙන් කළ යුතුව තිබුණ ද දුම්රිය දෙපාර්තමේන්තුව 2013 වසරෙන් පසුව කාර්යමණ්ඩල සමාලෝචනයක් කර නොමැති බව කී කසුන් චාමර මහතා එම වසර අටක කාලය තුළ දුම්රිය දෙපාර්තමේන්තුව සිදුවූ වෙනස්කම්වලට අනුරූපීව කාර්යමණ්ඩලවලට නිසි අනුමැතිය ලබාගෙන නොමැති බව ද සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව 13000 කට ආසන්න සේවක සංඛ්‍යාවක් සිටිය ද සේවක හිඟය හේතුවෙන් ඇතැම් දුම්රිය ස්ථානවල සේවකයන් සති මාස ගණනින් අඛණ්ඩව සේවයේ යෙදවීමෙන් ඇතැම් සේවකයන් විවිධ මානසික පිඩාවන්ට පත්ව සිටින බවත් දුම්රිය ස්ථානාධිපති සේවා අවශ්‍යතාව මත සමාලෝචනයක් 2020 වසරේ ඔක්තෝම්බර් මස කළ ද සමාලෝචනය කර මාස 15 ක් ඉක්මවා ගිය ද ඒවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය පාලනාධිකාරිය අසමත්ව ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් දැඩි ලෙස පාඩුලබන රාජ්‍ය ආයතන වලින් එකක් දුම්රිය. මූලික හේතුව සේවක අතිරික්තය. මේ මනුස්සයා කියනවා තව දාස් ගාණක් ඕනෑලු...
සේවකයෝ දාන්න ඉන්න අය ලාභ පෙන්නන්න ඕනෑ..