
(යොහාන් භාසුර,ලුසිත ජයමාන්න, විමුක්ති එස්.රුද්‍රිගු සහ සුමිත් ප්‍රේමතිලක )
දුම්රිය ස්ථානාධිපතිවරු පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වෙයි.
ප්‍රධාන මර්ගය ඇතුළු දුම්රිය මාර්ගවල ධාවනය විශල ලෙස ප්‍රමාද වන අතර දුම්රිය ස්ථානවල මගින් විශාල පිරිසක් රැඳී සිටින බව ද වාර්තා වෙයි.
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාද වී දුම්රිය ධාවනය වුවත් දුම්රිය ගේට්ටු ක්‍රියාත්මක නොවීම නිසා අනාරෂිත තත්තවයක් හටගෙන ඇතැයි ද දැනගන්නට ඇත.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම්වලට හොඳ ප්‍රතිචාර නොදැක්වීම, සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම සහ හිටියහැටි දුම්රිය අවලංගු කිරීම ආදී කරුණු කිහිපයකට විරෝධය දක්වමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත් මෙම වැඩවර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවයේ වගකීම දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ඇතුලු පරිපාලනය බාර ගත යුතු බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය
(සුමිත් ප්‍රේමතිලක)



(විමුක්ති එස් රුද්‍රිගු)



(තුසිත ද සිල්වා)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්දක් නැති රජයක්.
මෙයාල වෙලාවට කරන එකම දෙ වර්ජනය තමයි ඉතින්
ඕනම දේකට වැඩ වරලා මාසෙ අන්තිමට අත පරා මුලු පඩියම ගන්න පුලුවන් එකම රට අපේ රට. මේවා වෙනස් නොකර කවුරු ආවත් රට හදන්න බෑ.
මේවා පුද්ගලික අංශයට දෙන්න.