(යොහාන් භාසුර)
දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් අද (24) දිනයේත් වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීම නිසා පස්වරුවේ දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය.
මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙක් සහ දුම්රිය විදුලි කාර්මික ශිල්පියෙක් අතර පෙරේදා (22) සිදුවූ පහරදීමේ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුලි කාර්මික ශිල්පියා නිදහස් කරන ලෙස ඉල්ලමින් විදුලි කාර්මික ශිල්පීන් තව දුරටත් වර්ජනය ක්‍රියාත්මක කරන බව ද ඉදිපොළගේ මහතා කීය.
මෙම තත්වය හේතුවෙන් මාළිගාවත්ත දුම්රිය අංගනයෙන් පස්වරුවේ දුම්රිය පිටතට ගැනීම සහ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කිරීම ගැටලුවක් බවට පත්ව ඇති බවත් එන්. ජේ. ඉදිපොළගේ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික ආරාවුල් වෘත්තීය අරගලයකට පත්කර මහජනතාව පීඩාවට පත්කරන කාලකන්නින්ද මේ සමිති නායකයෝ. දුම්රිය නවතා හෝ මුන්ව අස්කර දාන්න. විනය නැති රාජ්‍ය සේවය රටට කරදරයක්.