( මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරන් , නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ අධික්ෂණ කළමනාකරුවන් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබු පැය 48 ක වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
අද පස්වරුවේ මෙම තීරණය ගත් බව බව දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරින් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.
තම ගැටලුව සම්බන්ධව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ වෘත්තිය සමිති නියෝජිතයින් හා පැවැති සාකච්ඡාවේදී ගැටළුවට මාසයකදී විසඳුමක් ලබා දෙන බවට ලිඛිතව දුන් පොරොන්දුව අනුව වර්ජනය අත්හිටුවීමේ තීරණයට පැමිණ ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
දුම්රිය ශ්‍රේණි විෂමතාව සඳහා ලබා දී තිබු කැබිනට් අනුමැතිය මෙතෙක් ක්‍රියාත්මක නොකිරිමට විරෝධය දක්වා මෙම වර්ජනය පැවැත්වීමට තීරණය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කඩාකප්පල් කාරයින්ට කිසිම අනුකම්පාවක් නැහැ... ඒ නිසා මේක අත්හැරලා දාපු එකම තමයි හොඳ.. !
හපොයි! සටන පාවාදුන්නා!
වර්ජන කිරීමට පෙර තමන් ලබන වැටුපට සරිලන සේවයක් තමන්ගෙන් තමන් උපන් රටට ලැබෙන්නේද යන්න හිතා බැලුවොත් හොඳයි. " මෙය සෑම ක්ෂේත්රයකම " සේවය කරන පුරවැසියන් වර්ජන කිරීමට පෙර අවංකව සිතන්නේ නම් අපගේ මාතෘභූමිය මොනතරම් සුන්දර වන්නේද? සාධාරණ වර්ජන අප කිසිවිටකත් අවතක්සේරු නොකරන්නෝය.
මේවාට ඕන ඕන විදියට වැඩ වර්ජන කරන්න දුන්නොත් නන් ආයෙත් ආන්ඩුව ඉවරයි. අර මහින්දගේ කාලේ වගේ මේවා පාලනය කරන්න ඕන. අනික මෙයාලට පඩි මදි නම් රැකියාවේ ප්‍රශ්න නම් කරන්න තියෙන්නේ වෙන ජොබ් හොයා ගන්න එක. මොකද මේ දැන් දෙන පඩියට වැඩ කරන්න ඕන තරම් මිනිස්සු ඇති