
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කාලගුණ ආපදාවෙන් දුම්රිය මාර්ග විනාශවීම හේතුවෙන් තවමත් දුම්රිය ධාවනය කෙරෙන්නේ මාර්ග පද්ධතියෙන් තුනෙන් එකක ප්‍රමාණයක බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කාලගුණ ආපදාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
හානි නිසා දුම්රිය මාර්ග පද්ධතියෙන් තුනෙන් එකක තමයි දුම්රිය ධාවනය කිරීමට හැකි වෙලා තියෙන්නේ. දුම්රිය මාර්ගවලට ගල් පෙරළීම් අනූ එකක් වාර්තා වෙනවා. දුම්රිය මාර්ගවල පාදම කඩාගෙන යෑම් 73ක් වාර්තා වුණා. බෝක්කු සහ පාලම් තිස් අටක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ගස් කඩා වැටීම් එක එකසිය හතළිස් නවයක් වාර්තා වුණා. සුළු වශයෙන් පාදම විනාශ වූ ස්ථාන 177ක් තියෙනවා.
දුම්රිය ස්ථානවල හානි 27ක් වාර්තා වෙනවා. බලන- කඩුගන්නාව ප්‍රධාන කොටස ප්‍රධාන වශයෙන් හානි වෙලා තියෙනවා. උඩ රේල් පාර විතරයි ඉතිරිවෙල තියෙන්නේ. ගම්පොළ නාවලපිටිය දුම්රිය මාර්ගයත් වත්තේගම උකුවෙල මාර්ගයත් ඒ විදිහටමයි. කොටගල අඹේවෙල කෑල්ලත් ඒ ආකාරයටම විනාශ වෙලා. ඒ මාර්ග කොටස් වැඩි වියදමක් දරලා හදන්න වෙලා තියෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙදිරි නොගා වැඩේ කරන්න මුදල් ලැබුණා නේ
අනිවාර්යයෙන් මුදල් ප්‍රතිපාදන අවශ්‍ය පමණට තිබෙනවා , මේවා නැවත හරවා යවන්නේ නැතිව වැඩ කරන්න ,,කෙදිරි ගන්න අවශ්‍ය නැහැ
හානියට පත්වෙලා තියෙන්නේ කඳුකර මාර්ගයක්. මුහුදුබඩ මාර්ගයක් වගේ නෙමෙයි. කඳුකර මාර්ගයක් හදන එක ඉතාම සංකීර්ණයි. මේක ඉංජිනේරුවෝ පවා කියලා තිබුණු දෙයක්...
ඕවා හදලා පටන් ගත්තාම එක්කෝ එයාලා වැඩ වර්ජන. නැත්නම් පීලි පනිනවා.
ඔයාලට මේක කරන්න පුළුවන්. ඔයාලා අවංක නිසා සහ කණ්ඩායම් හැගීම් නිසා ඔයාලාට මේක අනිවාර්යෙන්ම ගොඩ දාන්න පුළුවන්. කදුකරයේ නායයාම් නිසා තැනිතලාවක වගේ පහසු නූනත් මට විශ්වාසයි ඔයාලාට මේක ගොඩගන්න පුළුවන්...
වැඩේ අමාරු නම් මම දෙන්නම් ටොප් බඩුවක් ,අර ගෝටාගේ කාලේ දුම්රිය සේවේ භාරව සිටි කණු උඩ දුවන සැහැල්ලු දුම්රියේ කන්ටේනර් පෙට්ටි ප්‍රවාහනය කරන්න බැහැ. ඒක නිසා ඒක වැඩක් නැහැ කියපු ලලිතසිරි දුරාචාරය (මහාචාර්ය) තුමා ප්රමුඛ නිලධාරී සෙට් එක මේ වැඩේට සම්බන්ධ කරගන්න , දැන් ගෝඨාභය සහ ගුණරුවන් මහාචාර්ය තුමා යන දෙපළම සිටින්නේ කණු කෙසේවෙතත් කොට උඩ...
පහුගිය ටිකෙ දාපු show වල හැටියට මම හිතුවෙන් සති දෙකෙන් හදයි කියලා. මාර්ග සංවර්ධන අධිකාරියේ දුම්රිය දෙපාර්තමේන්තුවෙයි ඉංජිනේරුවෝ සහ සේවකයින් කට්ට කාලා, අතිකාලවත් නැතුව කරන වැඩ මෙයා හොදට ලකුණු දාගත්තානේ. එහෙම නම් විදුලිබල මණ්ඩලය සේවකයි කරපු වැඩ කන්දරාවෙන් ඒකෙ ඇමති සහ නියොජ්‍ය ඇමති දෙන්නම ඉංජිනේරුවෝ. එයාලා ලකුණු දාගන්න ගියේ නැහැනේ සමාජ මධ්‍යවල... එහෙමනම් රෝහල්වල කරන සැත්කම් වලට සෞඛ්‍ය ඇමැති යනවාද සූර පප්පා වෙන්න. ඇයි දැන් කෙඳිරි ගාන්නේ?
වලක් වහලා ෆෙස්බුක් එකේ ෆොටෝ දැම්මාට ඔයාට මේ වගේ බරපතල වැඩ බෑ කරුණාකරලා තේරුම් ගන්න. ඔයාට විතරක් නොවෙයි ඔයාගේ ආණ්ඩුවටම බෑ.