
(ඩයනා උදයංගනී)
දුම්රිය කිහිපයක් අද (6) දිනයේදී අවලංගුවීම හේතුවෙන් රාජකාරී නිමවී නිවෙස් කරා ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්වූහ.
ධාවනය වූ දුම්රියවල දැඩි තදබදයක් යටතේ ගමන් කිරීමට දුම්රිය මගීන්ට සිදුවූයේ කොරෝනා අවදානමද නොතකමිනි.
එසේ ගමන් කළ පිරිස් දුම්රිය අවංලගු කිරීමේ තීරණය ගැන දුම්රිය දෙපාර්තමේන්තුව වෙත සිය නොසතුට පළ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබෙනු ද දක්නට ලැබිණි.
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණේ මේ දිනවල මගීන්ගේ පැමිණීමේ අඩුවක් ඇති නිසා මෙම පියවර ගත් බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම ලොක්කො ටීවී එක ඉස්සරහ කතාව විතරයි... පොළවේ ඇත්ත එකෙක්ට පේන්නේ නෑ.. මයික් එකක් දැක්කම දෙන කතා ඇහුවම හිතෙන්නේ සුරපුරේ ඉන්නේ කියලා ... හෙට අනිද්දා දවස් ... දවසට ලෙඩ්ඩු 5000ක් විතර වාර්තා වෙයි මේ යන විදිහට.. එක්කෝ රට හෝ දිස්ත්‍රික්ක වහන්න ඕන... නැත්තං මේ මිනිස්සුන්ට හරියට යන්න ප්‍රවාහනය හදලා දෙන්න ඕන..
යුරෝපයේ සිට ලියමි ..., පළමු රැල්ල , දෙවෙනි රැල්ල මෙහෙ ආපු වෙලේ , මේ රටවල් කරේ ... මගීන් අතර දුරස්ථභාවය ආරක්ෂා කරගන්න. මගින් අඩු වුවත් පොදු ප්‍රවාහන අංශවල වන වාර ගාන වැඩි කරපු එකයි, ලංකාවේ පාලකයින්, ආපදා කළමනාකරණ කට්ටිය, හමුදාමය දායකත්වයට ස්තුතියි... කණගාටුවෙන් වුවත් ජනතාවට සුබ ප්‍රාර්ථනා කරනවා.
අපේ බදු සල්ලි කකා අවුරුදු 70ක් රට කරවපු උන්දැලා රටට දීපු දෑවැදි තමයි..
මේ රටේ පොදු ප්‍රවාහනය මීට වඩා දියුණු විය යුතුයි
මහජනතාව අතර දුරස්ථබාවය රැකගනනනම් පොදු ප්‍රවාහනසේවය විදිමත් කරන්න ඔනි
කට විතරයි... මේ වගේ කුජීත ඒවා නවත්වන්න බැරි රජයවල් හොදයි වැසිකිළි හෝදන්න. මම හිතන්නේ මෑත ඉතිහාසයේ බිහිවුණු ජරාම රජය මේක... කෝච්චියක් වෙලාවට පීල්ලේ යවාගන්න බැරි ආණ්ඩු කොහේද වෙන දෙයක් කරන්නේ?