(ඩයනා උදයංගනී)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ආරම්භ කරන දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

විදුලි බිඳවැටීම තවදුරටත් පැවතියත් ‍විදුලි ජනක යන්ත්‍ර ආධාරයෙන් කටයුතු කරගෙන යන බැවින් දුම්රිය ධාවනය මේ වන විට සාමාන්‍ය පරිදි කරගෙන යන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

විදුලි බිඳවැටීම සිදුවූ අවස්ථාවේ සංඥා පද්ධති‍යේ ගැටලුවක් මතුවීමෙන් යම් දුම්රිය ප්‍රමාදයක් සිදුවූ බව හෙතෙම සඳහන් ක‍ළේය.


(ඩයනා උදයංගනී)

විදුලිය ඇණහිටීම හේතුවෙන් දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ.

විදුලි බිඳවැටීමත් සමඟ දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම තත්වය ඇතිවූ බවත් මේ වන විට විදුලි ජනක යන්ත්‍ර සම්බන්ධ කරගනිමින් එම ගැටලුව මගහරවාගනිමින් සිටින බවත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

එමෙන්ම මහා මාර්ගවල ද මාර්ග සංඥා ද අක්‍රීයවී ඇතැයි වාර්තා වේ.