(යොහාන් භාසුර)

දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අද (24) උපදෙස් දුන්නේය.

සේවක බඳවා ගැනීම් සහ සම්පත් කළමනාකරණය කරගැනීම ඇතුළු පවතින සියලුම ගැටලු සැලකිල්ලට ගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙස ජනාධිපතිවරයා වැඩි දුරටත් උපදෙස් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ අද (24) පෙරවරුවේ නිරීක්ෂණයක නිරත වූ අතර එම නිරීක්‍ෂණ චාරිකාවෙන් පසු මෙසේ උපදෙස් දී තිබේ.