(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ මහින්ද නිශ්ශංක)
ගාල්ලේ සිට කොළඹ කොටුව බලා උදෑසන ධාවනය වූ සමුද්‍ර දේවි කාර්යාල දුම්රියේමගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂාකිරීමට ගිය දුම්රිය ආරක්ෂක හමුදාවේ කාන්තා නිලධාරිනියන් හතරදෙනෙකු මැදිරියක්තු ළ සිරකරගෙනඔවුන්ගේ නිල ඇඳුමෙන් ඇදරාජකාරියට බාධා කර අඩන්තේට්ටම් කළේ යැයි කියන තරුණයින් පිරිසක්බ ම්බලපිටිය දුම්රිය ස්ථානයේදී දුම්රි ය දුම්රියෙන් බැස පලා යද්දී එයින් තරුණයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
මෙම සිද්ධියට හවුල් වූ බව කියන තවත් තරුණයින් පහළොස් දෙනකු පමණ පලාගොස් ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ ජේෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කාන්තා නිලධාරිනියන් තිදෙනා විසින් මගීන් කිහිප දෙනෙකුගෙන් පරීක්ෂාකර බැලීම සඳහා ඔවුන්ගේ භාරයට ගෙන තිබු වාර ප්‍රවේශ පත්‍ර කිහිපයක් ද මොවුන් විසින් උදුරාගෙන රැගෙන ගොස් ඇතැයිදුම්රිය ආරක්ෂක හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු සංස්ථාවක සේවය කරන අතර අනෙකා පෞද්ගලික ආයතනයක සේවය කරන අයෙකි.
අයුතු අවහිරය,නිළ ඇඳුමෙන් ඇද රාජකාරියට බාධා කිරීම සහදුම්රිය ආරක්ෂක හමුදාවේකාන්තා නිලධාරිනියන් හතර දෙනෙකුටඅඩන්තේට්ටම් කිරීම යන චෝදනා යටතේ මෙම දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය ආරක්ෂක නිලධාරිනියන්ගේ රාජකාරියට බාධා කළ 2ක් අල්ලයි
පැරකුම් Wednesday, 23 August 2023 10:45 PM
පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ලොක්කො නීති කඩනකොට සොක්කො ඊට ඉහලින් යනව. නීති ගරුක පාලකයෙක් ආවත් සමාජ සාරධර්ම ගොඩ නගන්න පරම්පරා ගණනක් යාවි.
Perera Thursday, 24 August 2023 08:55 AM
නීතිය පසෙකලන මඩාවින් රට පාලනය කරනකොට මිනිස්සුත් නීතිය පසෙකලා මදාවින් ලෙස හැසිරෙනව
Nanayakkara Thursday, 24 August 2023 01:04 PM
ඔවුන්ව උසාවියට ගෙන ගොස් අවම වශයෙන් වසර දෙකක බරපතල සිරදඬුවමකට යවන්න