(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ මහින්ද නිශ්ශංක)
ගාල්ලේ සිට කොළඹ කොටුව බලා උදෑසන ධාවනය වූ සමුද්‍ර දේවි කාර්යාල දුම්රියේමගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂාකිරීමට ගිය දුම්රිය ආරක්ෂක හමුදාවේ කාන්තා නිලධාරිනියන් හතරදෙනෙකු මැදිරියක්තු ළ සිරකරගෙනඔවුන්ගේ නිල ඇඳුමෙන් ඇදරාජකාරියට බාධා කර අඩන්තේට්ටම් කළේ යැයි කියන තරුණයින් පිරිසක්බ ම්බලපිටිය දුම්රිය ස්ථානයේදී දුම්රි ය දුම්රියෙන් බැස පලා යද්දී එයින් තරුණයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
මෙම සිද්ධියට හවුල් වූ බව කියන තවත් තරුණයින් පහළොස් දෙනකු පමණ පලාගොස් ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ ජේෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කාන්තා නිලධාරිනියන් තිදෙනා විසින් මගීන් කිහිප දෙනෙකුගෙන් පරීක්ෂාකර බැලීම සඳහා ඔවුන්ගේ භාරයට ගෙන තිබු වාර ප්‍රවේශ පත්‍ර කිහිපයක් ද මොවුන් විසින් උදුරාගෙන රැගෙන ගොස් ඇතැයිදුම්රිය ආරක්ෂක හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු සංස්ථාවක සේවය කරන අතර අනෙකා පෞද්ගලික ආයතනයක සේවය කරන අයෙකි.
අයුතු අවහිරය,නිළ ඇඳුමෙන් ඇද රාජකාරියට බාධා කිරීම සහදුම්රිය ආරක්ෂක හමුදාවේකාන්තා නිලධාරිනියන් හතර දෙනෙකුටඅඩන්තේට්ටම් කිරීම යන චෝදනා යටතේ මෙම දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ලොක්කො නීති කඩනකොට සොක්කො ඊට ඉහලින් යනව. නීති ගරුක පාලකයෙක් ආවත් සමාජ සාරධර්ම ගොඩ නගන්න පරම්පරා ගණනක් යාවි.
නීතිය පසෙකලන මඩාවින් රට පාලනය කරනකොට මිනිස්සුත් නීතිය පසෙකලා මදාවින් ලෙස හැසිරෙනව
ඔවුන්ව උසාවියට ගෙන ගොස් අවම වශයෙන් වසර දෙකක බරපතල සිරදඬුවමකට යවන්න